සුරතල් සුනඛ හෝ බළල් පැටවකු තෝරා ගැනීමේදී

602

ඔබ නිවසට අලූත් සුරතලෙක් ගෙන ඒමට පෙර පහත කරුණු සලකා බනිවසේ සියලූම සාමාජිකයන් කැමති නම් පමණක් පැටවෙක් නිවසට ගෙන එන්න, නිවසේ ඇති ඉඩකඩ, ආර්ථිකය, රැක බලා ගැනීමට ඇති කාලය සහ දැනටමත් ඔබ නිවසේ සිටින සුරතලූන්ගේ ස්වභාවය.

මෙම කරුණු ඉතා වැදගත් වන්නේ නිවසට ගෙන එන සුරතලත් නිවැසියනුත් සතුටින් සිටින්නේ සියලූම සාමාජිකයන් එම සුරතලාව ආදරයෙන් භාර ගන්නේ නම් පමණි. එමෙන්ම ඔබගේ නිවසේ ඇති ඉඩකඩ සීමා සහිත නම් විශාල වර්ගයේ සුනඛයන් සුදුසු නොවේ. කුඩා පැටවුන් ඉතා සිත් ඇදගන්නා සුළු බැවින් වර්ධනය වන විට ශරීර ප‍්‍රමාණය ගැන බොහෝ දෙනකුට අමතක වන කාරණාවකි. ඉතා මිල අධික සුනඛ වර්ග තෝරා ගෙන ඔවුන් රැක බලා ගැනීමට ඇති ආර්ථික හැකියාව ඔබ තේරුම් ගත යුතුයි. මෙසේ මිල අධික හා ශරීර ප‍්‍රමාණය විශාල සතුන් දෛනික ආහාර, විටමින හා අනෙකුත් ඖෂධ වර්ගය ස`දහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන අතර එය තමන්ට තවත් පීඩනයක් වේ. එවිට ඔබටත් සුරතලාටත් සතුටින් සිටිය නොහැකිය. ඔබට එදිනෙදා වැඩ කිරීමේ දී ඔබට තිබෙන කාලය සීමා සහිත නම් දිගු ලෝම සහිත සුරතලූන් තෝරා ගැනීම සුදුසු නොවේ. එම සත්වයන්ගේ ලෝම සහිත සම හො`දින් පවත්වා ගැනීම ස`දහා දිනපතා පනාවක් හෝ බුරුසුවක් භාවිතා කර පීරීම කළ යුතුය. නැති නම් එම ලෝම ගැට ගැසී සමේ ආසාදන ඇති වී සුරතලාගේ අලංකාර බව සෞඛ්‍ය සම්පන්න බවත් නැතිවේ. සුරතලකු තෝරා ගැනීම ස`දහා ඉහත කරුණු පිළිබ`දව හොඳින් සිතා බැලිය යුතු අතරම සුරතලාගේ සෞඛ්‍ය සම්පන්න බවටත් ඉතාම වැදගත් වේ.

නිරෝගිමත් පැටවකු හ`දුනා ගැනීම

සෞඛ්‍ය සම්පන්න සුරතලකු තෝරා ගැනීමේදී මූලික වශයෙන් කරුණු කීපයක් පිළිබ`දව සැලකිලිමත් විය යුතුය

  1. සති 6 ක් වත් විය යුතුයි.

මව සමග සති 5-6 ත් සිටින විට ස්වභාවික ප‍්‍රතිශක්තිය හොදින් වර්ධනය වේ. එමෙන්ම ආන්ත‍්‍රික බැක්ටීරියා (gut flora) ක‍්‍රියාවලිය හොදින් ඇරඹීම සිදු වේ.

  1. සති 2 න් 2 කට පණු බෙහෙත් දී තිබිය යුතුය.

පණු බෙහෙත් හරියාකාරව ලබාදීම පැටවුන්ගේ වර්ධනයට උපකාරී වේ.

  1. පළවන පා(ර්)වෝ (Parvo Vaccination) එන්නත් ලබා තිබීම ඉතා වැදගත්.

පා(ර්)වෝ වෛරස ඉතා භයානක රෝගයකි.

  1. පැටවා ක‍්‍රියාශීලී වීම

ඈලි මෑලි කම් නැතිව හොඳින් ක‍්‍රියාශීලීව සිටී නම් සෞඛ්‍යයෙන් සිටින පැටවුන් බව හ`දුනාගත හැකිය.

  1. සමේ රෝග නොමැති වීම, සිනිදු සිත් ඇදගන්නා සුළු ලෝම සහිත බව.

සම ශරීරය ආරක්ෂා කරන ප‍්‍රධාන ආවරණයයි. එනිසා සමේ නිරෝගී බව ඉතා වැදගත් වේ.

  1. කිනිතුල්ලන්, මැක්කන්, උකුණන් වැනි පරපෝෂිතයන් සමේ, කන්වල, ඇ`ගිලි අතර නොසිටීම. එසේ නොවුණහොත් බාහිර පරපෝෂිතයන් විවිධ වූ රෝගකාරකයන් ශරීරගත කිරීමට හේතු වේ. එමෙන්ම රුධිරය උරා බොන බැවින් රක්තහීනතාවයට හේතු වේ.
  2. රෝස පාට විදුරුමස්, දිව, ඇස්

මින් දිස්වන්නේ නිරෝගී සත්ත්වයකු බවය.

සුරතල් සුනඛ හෝ බළල් පැටවකු තෝරා ගැනීමේදී

පශු ශල්‍ය වෛද්‍ය
සුරංගිකා හපුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment