සුර්වී සිටි අයියාට නංගීගේ වාහනය නැවතූ තැන අමතක වෙලා පොලිසිත් ගිහින්!

570

මිතුරන් සමග නත්තල සමරා සූර්වීමෙන් පසු තම මෝටර්රථය නැවතූ ස්ථානය අමතක වී එය සොරාගෙන ගොස් ඇති බවට මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කිරීමේ සිද්ධියක් මිනුවන්ගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී අනාවරණය විය.

මිනුවන්ගොඩ යකහටුව ප‍්‍රදේශයේ පදිංචි තරුණ ව්‍යාපාරිකයා තම නැගණියට අයත් ලක්‍ෂ 90ක් පමණ වටිනා නවීන පන්නයේ මෝටර් රථයකින් මිතුරන් පිරිසක් සමග නත්තල් සාදයකට ගොස් තිබේ. මිතුරන් සමග හොඳහැටි මධුවිත පානය කර ඇති ව්‍යාපාරිකයා රෑ බෝවීමෙන් අනතුරුව නිවස බලා යෑමට මෝටර් රථයෙන් පැමිණ තිබේ. කොත්තුවක් කන්න ඇතිවූ ආසාව මත ව්‍යාපාරිකයා මෝටර් රථය මිනුවන්ගොඩ නරගයේ නවතා හෝටලයකට ගොස් ආහාර ගෙන වාහනය වෙත පැමිණියද ඔහු නවතා ගිය බවට මතකයේ ඇති ස්ථානයේ වාහනය තිබී නොමැත. මත්ගතිය පහව යනතුරුම තම වාහනය සොයා ඇති ව්‍යාපාරිකයා නවතා තිබු වාහනය හොරු රැුගෙන ගොස් ඇති බවට මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර තිබේ. පොලිස් නිලධාරීන් කණ්ඩායමක්ද වාහනය සම්බන්ධව සොයා බලා ඇති අතර පැමිණිලිකරු වාහනය නවතා ගිය ස්ථානය සහ ඒ අවට වාහනය තිබී නැත. අතුරුදන්ව ඇති වාහනය සම්බන්ධ සියලු තොරතුරු දිවයිනේ සියලු පොලිස් ස්ථානවෙත ලබා දීමටද මිනුවන්ගොඩ පොලිසිය කටයුතු කර තිබේ. මිනුවන්ගොඩ පැරැණි බස් නැවතුම්පොළේ නවතා ඇරති බස්රථ අතර හිමිකරුවකු නොමැති මෝටර්රථයක් තිබෙන බව පසුදා මිනුවන්ගොඩ පොලිසියට තොරතුරු ලැබී තිබේ. ව්‍යාරිකයාව ගෙන්වා එම වාහනය පෙන්වා සිටීමෙන් අනතුරුව එම වාහනය තම නැගණියට අයත් එක බව ව්‍යාපාරිකයා හඳුනාගෙන තිබේ. සූර් පිට සිටියදී තම වාහනය නවතා ගියේ එම

ස්ථානයේ බවට පසුව මතක් වී ඇති බව අධීකරණයේදී සඳහන් විය. නීතිඥ මංගල වර්ණකුලසූරිය මහතා අධීකරණය හමුවේ එසේ පැවසීමෙන් අනතුරුව වගකීමක් ඇතිව හැසිරිය යුතු බවට ව්‍යාපාරිකයාට මිනුවන්ගොඩ මහෙස්ත‍්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා විසින් අවවාද කරනු ලැබීය.මෝටර්රථය හිමිකාරියට මුදාහරින ලෙසට අධිකරණයෙන් නියම කෙරුණි.

වැඩිදුර විමර්ශන සිදුකර ප‍්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද අධිකරණයෙන් පොලිසියට නියම කෙරුණි.

මිනුවන්ගොඩ ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment