සුරූපී රූපලාවන්‍ය ශිල්පිනිය පැහැරගැනීමට තැත්කළ වාහන මොඩෆිකේෂන් ශිල්පියා රිමාන්ඩ්

680

සුරූපී ලාබාල රූපලාවන්‍ය ශිල්පිනියක් ගැන සිත් පහළ වී වරක් ඇය පැහැරගැනීමට තැත්කර පසුව ඇයට සහ සැමියාට මුහුණු පොතින් සහ දුරකථනයෙන් මරණීය තර්ජනය කර අත්අඩංගුවට ගත් මෝටර් රථ නවීන කිරීමේ කාර්මික ශිල්පියකු ජුලි මස 27 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය නියෝග කළාය.

මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වින්දිතයන් ආරක්‍ෂා කිරීමේ පනත යටතේ අධිකරණය හමුවට පැමිණ වූ මෝටර් රථ නවීන කිරීමේ ශිල්පී සැකකරු වූයේ මීගමුව කුරණ පදිංචිකරුවෙකු වූ සුමිත් කේශාන් ප‍්‍රනාන්දු (35* නමැත්තෙකි. ඔහු විවාහකයෙකි.

මොහු මීට පෙර අවස්ථාවකදී එම සුරූපිනියගේ අත් පළඳනාවක්  පැහැරගැනීමට තැත්කර රිමාන්ඞ් භාරයේ පසු වී දැඩි ඇප කොන්දේසි මත ඇප නියම වූ අයෙකි.

මෙම නඩුව අධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නිතීඥ නෙල්සන් කුමාරණායක මහතා විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරු විසින් මුහුණ පොත හරහා එල්ල කළ මරණීය තර්ජනවල ලිඛිත පිටපත් සහ දුරකථන මගින් එල්ල කළ මරණීය තර්ජනවල හඬපට අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. සැකකරු නඩුවේ පැමිණිලිකාරියට සහ ඇගේ සැමියාට නිතර නිතර මරණීය තර්ජන එල්ල කරන බවත් වින්දිතයන් ආරක්‍ෂාකිරීමේ පනත යටතේ සැකකරු රිමාන්ඞ් භාරයට පත් කරන ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ බව පොලිසියෙන් සනාථ කරන ලදී. අගතියට පත් පාර්ශ්වයේ ඉල්ලීම අනුව සැකකරු රිමාන්ඞ් භාරයට පත් කෙරෙණි.

මීගමුව පොලිසියේ පොලිස් පරීක්‍ෂක සම්පත් දිසානායක, උප පොලිස් පරීක්‍ෂක රෝහණ, සැරයන් නවරත්න බණ්ඩාර යන මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන සුරාජ් ජයමාන්න, චාමින්ද ලාන්සා, ප‍්‍රසාද් ද සිල්වා, රවින්ද්‍ර ප‍්‍රනාන්දු, ශාන්ත කිරිඇල්ල, උපේක්‍ෂා අධිකාරි, ඉසුරු ජයසිංහ සහ සකුල ගුණතිලක යන මහත්ම මහත්වරු සම`ග ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක මහතා පෙනී සිටියහ. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නාමල් ගොඩකුඹුර මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය ජුලි මස 27 වන දින පැවැත්වේ.

මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment