සුවය ලැබුවත් ගෙදර නොයන රෝගීන් ජාතික රෝහලට බරක් – නි. අධ්‍යක්‍ෂ වෛi රුක්ෂාන් බෙල්ලන

196

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා සුවය ලැබූ රෝගීන් විශාල පිරිසක් භාරකරුවන් යළි නිවෙස්වලට රැගෙන නොයෑම නිසා රෝහලේ කටයුතු පවත්වාගෙන යෑම අතිශය දුෂ්කර වී ඇතැයි ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, වෛi රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ ට ඊයේ (18 දා) පැවසීය.

මේ හේතුවෙන් රෝහල් පරිපාලනයට විශාල අමතර වියදමක් දැරීමට සිදුව ඇති බවත්, මෙම තත්ත්වය කළුබෝවිල ශික්ෂණ රෝහල ඇතුළු තවත් රෝහල් කිහිපයක දක්නට ලැබෙන බවත්, ඒ මහතා සඳහන් කළේය.

නේවාසිකව ප්‍රතිකාර ලබා සුවය ලැබූ රෝගීන්ට නිවෙස් වෙත යෑමට වෛi නිර්දේශ ලැබී තිබුණද එම රෝගීන් රෝහලේ රැඳී සිටීම නිසා තවත් රෝගියකුට නේවාසිකව ප්‍රතිකාර ලබාදීම අපහසු වී ඇති බවද හෙතෙම පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛi රුක්ෂාන් බෙල්ලන මහතා මෙසේද කීවේය.

“මේ ප්‍රශ්නයට කඩිනමින් විසඳුමක් නොලැබුණහොත් තත්ත්වය තවත් අර්බුදයකට යනවා. සුවසැරිය ගිලන්රථ වලින් බොහෝ වේලාවට මාර්ග අනතුරුවලට ලක්වූ

රෝගීන් ගෙන එනවා. මොවුන්ගේ භාරකාරත්වය ගන්න කිසිවෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. එවැනි රෝගීන් නිසා මේ අර්බුදය දිග්ගැස්සී තිබෙනවා. සාමාන්‍යයෙන් සතියකට රෝගීන් පස්දෙනෙකුට වැඩි පිරිසකට සුවය ලබා නිවෙස් වලට යෑමට වෛi නිර්දේශ ලැබෙනවා. නමුත් ඒ සඳහා භාරකරුවන් ඉදිරිපත් විය යුතුයි. සමහර රෝගීන් නිවසට යන්න වත් දන්නේ නැහැ. සමාජ සේවා සහ සුබසාධන දෙපාර්තමේන්තුව මේ පිළිබඳව මැදිහත්ව කටයුතු කළ යුතුයි.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment