සුසන්තිතා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශක තනතුරට…. ආණ්ඩු මාරුවෙන් වෙනස් නොවන තනතුරක්

670

ඔලිම්පික් පදක්කම්ලාභී හිටපු ධාවන ශූරි සුසන්තිකා ජයසිංහ මහත්මිය තරුණ හා කී‍්‍රඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක් ලෙස පත්කර ඇති බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී ඊයේ (12 දා) ප‍්‍රකාශ කළේය.

සුසන්තිකා ජයසිංහ මහත්මිය එම තනතුරට පත් කිරීමට අදාළව තරුණ හා කී‍්‍රඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බවද ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

ඊට අනුව සුසන්තිකා ජයසිංහ මහත්මියට ඇයගේ විශ‍්‍රාම වයස වන තෙක් එම ධුරයේ කටයුතු කළ හැකි වන අතර මීට පෙර ඇය එම අමාත්‍යාංශයේ මෙම තනතුර හා විවිධ ධුර දැරුවත් ඒවා එක් එක් කී‍්‍රඩා ඇමැතිවරයාගේ ධුර කාලවලට පමණක් සීමා විය.

නව ඇමැතිවරයෙක් කී‍්‍රඩා අමාත්‍යාංයට පත්වූ විට නැවතත් එම තනතුර යාවත්කාලීන කිරීම මීට පෙර සිදුවුවත් කැබිනට් මණ්ඩල අනුමැතිය මත සුසන්තිකාට හිමිවූ නව පත්වීමට අනුව සිය විශ‍්‍රාම වයස වන තෙක් ඇයට එම තනතුරේ රැුඳී සිටිය හැක.

ශී‍්‍ර ලාංකීය කී‍්‍රඩා ක්‍ෂේත‍්‍රයට සුසන්තිකා ජයසිංහ මහත්මිය අත්කර දුන් කීර්තිය සහ ගෞරවය පදනම්ව විශේෂ කැබිනට් පති‍්‍රකාවක් මත නව තනතුරෙහි ඇය පිහිටා ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment