සුළු පක්ෂ කියන විදිහට ආණ්ඩුව පළාත් සභා ඡන්දය තියන්නේ නැහැලු

199


රජය විසින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමීමත් ඒ සම්බන්ධයෙන් රජය ස්ථිර ප්‍රකාශයක් නොකිරීමත් ගැන කලකිරුණු ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂ මේ දිනවල විවිධ දේ ප්‍රකාශ කරනවා.නමුත් රජය ඒ ප්‍රකාශ ගැන එතරම් තැකීමක් නැහැ.ඒ පක්ෂ වල කතා නිසා පළාත් සභා
මැතිවරණය ඉක්මන් කිරීමට රජය කිසිම අදහසක් නැතැයි ඊ.පී.ඩී.පී.පක්ෂයේ නායක ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. ඊයේ කිළිනොච්චියේ අක්කරායන්කුලම ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව කියා සිටියේය. වත්මන් රජයේ හවුල්කාර පක්ෂ රජය විවේචනය කරමින් අර්බුදයක් පෙන්නුම් කළත් මේ රජය බිද දැමීමට එම දේශපාලන පක්ෂ වල ශක්තිය ප්‍රමාණවත් නොවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment