සුළු පියා මවට එල්ල කළ පිහි පහරින් 9 හැවිරිදි දරුවා මරුට

549

වරල්ල කොස්මෝදර පොලිස් වසමේ උවරගල ප්‍රදේශයේ නිවසක පෙරේදා (27දා) රාත්‍රී මව සහ සුළුපියා අතර ඇති වූ ආරවුලක් නිසා මොරවක වැලිව බෞද්ධ විද්‍යාලයේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ නව හැවිරිදි පුත්‍රයා මියගොස් ඇත.

එසේ මියගොස් ඇත්තේ හෑගොඩ ගමගේ සදෙව් මෙත්සර නමැති පිරිමි දරුවෙකි.

සුළුපියා විසින් මවට එල්ල කරන ලද පිහි පහරක් මෙම දරුවාගේ හිසට එල්ලවීමෙන් බරපතළ තුවාල ලැබූ දරුවා මොරවක කොස්නිල්ගොඩ රජයේ රෝහලට ඇතුළත් කළ අතර පසුව වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මොරවක රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු දරුවාගේ ජීවිතය බේරා ගැනීමට දැඩි උත්සාහයක නිරත වුවද එය ව්‍යවර්ථ වී ඇත.

වැඩිදුර පරීක්‍ෂණ කොස්මෝදර පොලිසිය හා මොරවක පොලිසිය විසින් සිදුකරනු ලබයි.

පිටබැද්දර – සුනිල් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment