සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට සහ පාරිසරික ව්‍යාපෘතිවලට ණය ලබාදීමට බි‍්‍රතාන්‍යයේ CDC‍ සමූහයෙන් කොමර්ෂල් බැංකුවට ඩොලර්.මි.50 ක්

271

ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ණය ලබාදීමට සහ පාරිසරික ව්‍යාපෘති සඳහා සහාය දැක්වීමට කොමර්ෂල් බැංකුව එංගලන්තයේ සංවර්ධන මූල්‍ය ආයතනය සහ බලපෑම් ආයෝජකයා වන CDC‍ සමූහයෙන් ඩොලර් මිලියන 50 ක (වර්තමාන විනිමය අනුපාතය අනුව රුපියල් බිලියන 10 ක) ණය මුදලක් අනුමත කරගෙන තිබේ.

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට සහ  පාරිසරික ව්‍යාපෘතිවලට ණය ලබාදීමට බි‍්‍රතාන්‍යයේ  CDC‍ සමූහයෙන් කොමර්ෂල් බැංකුවට ඩොලර්.මි.50 ක්

කොමර්ෂල් බැංකුව සඳහන් කරන්නේ මෙහිදී සුදුසු ව්‍යාපාර සහ ගනුදෙනුකරුවන් සඳහා ණය ලබාදීම මගින් සමස්ත ශ‍්‍රී ලංකාවේම ආර්ථික කටයුතු වර්ධනය කිරීමට හැකිවන ආකාරයෙන් සියලූම ප‍්‍රජාවන් තෝරාගන්නා බවයි. ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරවලින් 80% ක්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වන අතර මෙරට රැකියා උත්පාදනයෙන් 35% ක් කර තිබෙන්නේ එම ව්‍යාපාර මගිනි. කෙසේ වෙතත්, මෙම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මධ්‍ය හා දිගුකාලීන අරමුදල් ලබාගැනීමේ අභියෝගයකට මුහුණ දී සිටින අතර කොවිඞ්-19 වසංගතයෙන් ආර්ථිකයට ඇති වූ අහිතකර බලපෑම නිසා එම අභියෝගය තවදුරටත් විශාල වී තිබේ.

 කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහත්වරු ඡායාරූපයේ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment