සූරන් පෝර් බලන්න වවුනියාවේ කෝවිල් බැතිමතුන්ගෙන් පිරී ඉතිරෙයි

294

දීපාවලී සමය අවසන් කරමින් වවුනියාවේ සෑම හින්දු කෝවිලකම ඉදිරිපත් කරන ලද සූරන් පෝර් (සුර අසුර යුද්ධය) මංගල්ලය නැරඹීම සඳහා අති විශාල බැතිමතුන් පිරිසක් කෝවිල්වලට පැමිණ සිටියහ.

දීපාවලී යනුවෙන් හඳුන්වනු ලබන්නේද සුර අසුර යුද්ධයෙන් පසුව අසුරයින්ව පරදවා සුරයින් ජයග්‍රහණය ලද දිනය සැමරීම වන අතර එහිදී සුරයන් වෙනුවෙන් පේලි පේලි වශයෙන් පහන් තබා දැල්වීම දීපාවලී දිනය වෙයි. මෙම දීපාවලී දිනයට පසුව එළැඹෙන ඉරිදා දිනයේදී හින්දු කෝවිල් වල සුරයන්ගේ හා අසුරයින්ගේ ප්‍රතිමා තනා සුර අසුර යුද්ධය නාට්‍යානුසාරයෙන් රඟ දක්වා පෙන්වීමත් එහිදී අසුරයින් පරාජයට පත්ව මැරී වැටෙන ආකාරයත් ප්‍රදර්ශනය කෙරෙයි. මේ නාට්‍යන් දැක බලා ගැනීම සඳහා හින්දු කෝවිල් අසලට විශාල වශයෙන් හින්දු බැතිමතුන් රැස් වී සිටිනු දක්නට ලැබුණි.

දිනසේන රතුගමගේ

 

advertistmentadvertistment
advertistmentadvertistment