සූර්පිටම  අඹුසැමියෝ  මරු තුරුලට

1466

බඩල්කුඹුර පොලිස් වසමට අයත් බඩල්කුඹුර 08 කණුව වෛකුඹුරවත්තේ පදිංචි අඹුසැමි යුවළක් අධික ලෙස අරක්කු පානය කිරීම නිසා 25දා සවස බඩල්කුඹුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මියගිය දෙදෙනාට දරුවන් දෙදෙනෙකු සිටින අතර දියණිය විදේශ රැකියාවක නිරතව සිටී. පුතා පොතුවිල් ප්‍රදේශයේ ජීවත්වෙයි.

දියණිය එවන මුදල්වලින් අරක්කු පානය කිරීමට ඇබ්බැහිවී සිටි මෙම යුවළ 25 වැනිදා අධික ලෙස අරක්කු පානයකර ඇති අතර බිරිඳ බීමත්ව කෝවිලක් අසල වැටී සිටියදී අසල්වාසීන් විසින් ඇයව ඇගේ නිවසට ගෙනැවිත් තිබේ. ඇයගේ සැමියාත් බීමත්ව නිවස තුළ වැටී සිටියදී හමුවී ඇත.

පසුව දෙදෙනාම බඩල්කුඹුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර ඇති අතර රෝහලේදී දෙදෙනාම මියගොස් ඇත. මෙම දෙදෙනාගේ මරණ පිළිබඳව හදිසි මරණ පරීක්ෂණ 26 වැනිදා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්විණි. බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපති සුනිල් දිසානායක මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment