සූර්යා වටා රැස් වළල්ලක්… නියඟයක් ද වැස්සක්ද

902

ඉතා දුර්ලභ සූර්ය ප‍්‍රභා මණ්ඩලයක් (Helo) ඊයේ (29 දා) දහවල් කළුතර හා දකුණු ප‍්‍රදේශයේ ජනතාවට දර්ශනය වී තිබේ.
 
 වලාකුළු අතරින් පතර පිහිටා ඇති, සූර්යයා ඉතා දීප්තිමත්ව පායා තිබුණු අවස්ථාවේ සූර්යයා වටා පුළුල් රැුස් වළල්ලක් මෙන් වෘත්තාකාරව මෙම සූර්ය ප‍්‍රභා මණ්ඩලය පැය කිහිපයක් තිස්සේ පිහිටා තිබුණු බව වාර්තා වෙයි.
 
 මෙම පිහිටීම දීප්තිමත් ආලෝක හා ඉහළ අහසේ තුනී පටලයක් මෙන් අයිස් ස්ඵටික පිහිටීම නිසා සිදුවන්නක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශාධිපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා ‘දිවයින’ කළ විමසීමේදී පැවසීය.
 
 ”ඉහළ අහසේ ජල වාෂ්ප එකතු වී අයිස් ස්ඵටික ලෙස තුනී පටලයක් ලෙස නිර්මාණය වන්න පුළුවන්. එවිට ඒ තුළින් ගලා එන සූර්ය කිරණ හෝ සඳ කිරණ වර්තනය නම් ක‍්‍රියාවලියට ලක්වී අපේ ඇස තුළට පැමිණීමෙන් තමයි මේ දර්ශනය අපට පෙනෙන්නේ. සූර්යයාගෙන් හැදෙන විට ඊට අපි සූර්ය මණ්ඩලය හෝ සූර්ය ප‍්‍රභා මණ්ඩලය කියා කියනවා. සඳෙන් හැදෙන මේ දර්ශනයට අපි චන්ද්‍ර මණ්ඩලය හෝ චන්ද්‍ර ප‍්‍රභා මණ්ඩලය කියා කියනවා. මෙවැනි දර්ශනයක් ඇතිවෙන්නේ අංශක 22 ක කෝණයකට සූර්ය කදම්භ අයිස් ස්ඵටික තුළින් ගමන් කිරීමේදී” යැයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
 
 පහළ අහසේ පවතින මෙවැනි සූර්ය ප‍්‍රභා මණ්ඩලයක් හේතුවෙන් වැස්ස ළඟ ඇති බවට පැරැුන්නන් කාලගුණ තොරතුරු ලබාගත් බවද, මෙවැනි ඉහළ අහසේ පවතින සූර්ය ප‍්‍රභා මණ්ඩලයකින් නියඟයක් ළඟ බවට පැරැන්නන් විශ්වාස කළ බවද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 
 ජගත් කණහැරආරච්චි, ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment