සූර්වූ මගීන් දෙදෙනෙකුගෙන් පහර කෑ දුම්රිය ආරක්ෂකයෙක් මරුට

358

බීමත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් පහරදීම නිසා දුම්රිය ආරක්ෂක නියාමකවරයෙක් දුම්රියෙන් ඉවතට විසිවී ගොස් මරණයට පත්ව ඇත. වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේ දී මෙම සිද්ධිය වී තිබේ. සැකකරුවන් වයස අවුරුදු 31 සහ 23 වියේ පසුවන නොච්චියාගම සහ අනුරාධපුරය පදිංචි කරුවන් බව හදුනාගෙන ඇත. මීරිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment