සූර් පිට මාස්ක් මාරු වී දනියෙල් රෑ එළිවෙන තුරු එළියේ… හත්වලාමයි!

643

මිගෙල් සහ දනියෙල් රාජකාරි කරන්නේ එකම කන්තෝරුවකය. දෙදෙනා ගජ මිතුරන්ය. කොටින්ම ජාඩියට මූඩිය වගේය. දෙදෙනා රාජකාරි අවසන්කර අඳුරත් සමග නිවසට යන්නේ මිගෙල්ගේ මෝටර් රථයෙනි. ඊයේ පෙරේදා දවසක මිගෙල්ගෙත් දනියල්ගෙත් මිතුරෙකු කන්තෝරුවට ආවේ රෑ බෝ වූ පසුවය.

සූර් පිට මාස්ක් මාරු වී දනියෙල් රෑ එළිවෙන තුරු එළියේ... හත්වලාමයි!

මිතුරන් තිදෙනා කලකට පසු හමු වූයේ වසංගතය මේ අය ඈත්කර තිබූ නිසාය. ‘මචං කාලෙකට පස්සෙනේ හම්බුණේ. ගහමුද පොඩි අඩියක්’’ මිගෙල්ගෙත් දනියල්ගෙත් අඬන්න බලාගෙන සිටි ඇස්වලට ඇඟිල්ලක් ඇන්නාක් මෙන් දැනිණි. ඇරයුම පිළිගත් මිතුරන් ළඟම අවන්හලට ගොඩ වී අගුළු ගැලවී යනතුරු සප්පායම් වූයේ වසංගතයේ ඇරියස් එක ද පන්නමිනි. එහෙනම් මචං ගුඞ් නයිට් බුදු සරණයි. දෙවි පිහිටයි. කියා මිතුරාට සමු දී දනියලූත් මිගෙලූත් මේසය මත එහෙ මෙහෙ විසිරි තිබූ මුඛ ආවරණ (මාක්ස්) අතට ගෙන පැළඳ ගත්තේ කොරෝනා මාරයා තාමත් අවට සිටින බවද කියමිනි.
මිගෙල් හා දනියෙල් මෝටර් රථයේ නැඟී නිවෙස් බලා ගියේ අඳුරේ අත පත ගාමිනි. දනියෙල් නිවසට ගොඩ වූයේ සතර අත විසි වෙමිනි. ඔයාගේ ඔය දාගෙන ඉන්න මාක්ස් එක කාගෙද? ගෙට ගොඩ වූ සැණින් දනියෙල්ගේ බිරිඳ ඇසුවේ ඇස් ගෙඩි ලොකුකර ගනිමිනි. ඇයි මොකද? දනියෙල් මුඛ ආවරණය අතට ගත්තේ අවුල්ව ගිය හිසෙනි. දනියල්ට වැඬේ තේරිණි. මිගෙල්ගෙත් දනියෙල්ගෙත් මාස්ක් දෙක මාරු වෙලාය. එය කියන්නටත් පෙර බිරිඳ දොර වසා දැමුවේ එළියේ කාමරය පෙන්වමිනි. දනියල්ට තරු විසි විය.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment