සූර් වෙන්න සීට්ටු සාදයක් දැමූ කුරුණෑගල ව්‍යාපාරිකයන් පහක් දැලේ – විශ‍්‍රාමික යුදහමුදා නිලධාරියෙක් ඇතුළු සිව්දෙනෙක් පලා යයි

311

කොරෝනා නීතිය පසෙකලා වැහැර ප‍්‍රදේශයේ හෝටලක් තුළ පෙරේදා (04දා) රාත‍්‍රී මත්පැන් සාදයක් පැවැත්වූ කුරුණෑගල නගරයේ සුපිරි ව්‍යාපාරිකයන් දහදෙනාගෙන් පස්දෙනකු කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ව්‍යාපාරිකයන් දොළොස් දෙනෙකු විසින් පවත්වාගෙන යන සීට්ටුවක් මුල්කරගැනීමක් මත ⁣මෙම මත්පැන් සාදය කුරුණෑගල නගර සමීපයේ වැහැර ප‍්‍රදේශයේ හෝටලයක පවත්වා ඇත. සීට්ටුවේ සාමාජිකයන් දොළොස් දෙනෙකු සිටියත් මෙදින සාදයට සහභාගිවී සිටියේ දහදෙනකු පමණක් බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා රජය විසින් රට ලොක්ඩවුන්කර තිබියදී කොරෝනා නීතිය උල්ලංඝනය කරමින් කුරුණෑගල නගරයේ ව්‍යාපාරිකයන් පිරිසක් මෙසේ මත්පැන් සාදයක් පවත්වා ඇති බව පොලිසිය පවසයි.

පොලිසියට ලද තොරතුරුක් මත මෙදින රාත‍්‍රි 7.30 ට පමණ පොලිස් නිලධාරීන් සාදය පැවැත්වූ හෝටලය වැටලීමේදී සාදයට සහභාගිවී සිටි ව්‍යාපාරිකයන්ගෙන් පස්දෙනකු පොලිස් අත්අඩංගුවට ගත් අතර විශ‍්‍රාමික යුදහමුදා නිලධාරියෙකු හෝටල් තාප්පයෙන් පැන ගිය බවත් තවත් සිව්දෙනකුද පලාගොස් ඇති බවද තොරතුරු අනාවරණය වී ඇත.

පොලිස් අත්අඩංගුවට ගත් ව්‍යාරිකයන් පස්දෙනා පොලිස් බැඳුම්කර මත මුදාහැර ඇති අතර කොරෝනා නීතිය කඩකිරීම සම්බන්ධයෙන් මෙම මස 08 දින කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සිදුවෙන බව පොලිසිය පැවසීය.

ආර්.එම්.ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

 

advertistmentadvertistment
advertistmentadvertistment