සූරියආර මී ගවයින් මැරූ මස් වැද්දන් අල්ලන්න පරීක්ෂණ

134

තණමල්විල පොලිස් වසමට අයත් සූරියආර 23 කොලණිය ප්‍රදේශයේ ගව ගාලකින් ඉකුත් පළමුවෙනිදා අලු‍යම මීගවයින් දෙදෙනෙකු සොරකම් කර තේක්ක වගාවකට රැගෙන ගොස් ඝාතනය කර මස් රැගෙන යාමේ සිද්ධියක් පිළිබඳව තණමල්විල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

සූරියආර 23 කොලණිය ප්‍රදේශයේ පදිංචි ගව පාලනයේ නිරත 44 හැවිරිදි කාන්තාවකට මීගවයින් 15 දෙනෙකු සිටින අතර ඉකුත් (30) වෙනිදා සවස නිවසට මීටර් සියයක් පමණ ඈතින් පිහිටි ගව ගාලෙහි ගාල්කර ඇත. පසුදින උදෑසන ගොස් බලන විට මීගවයින් දෙදෙනෙකු නොමැතිබව දැක තිබේ. ඒ පිළිබඳව සොයා බැලීමේදී අසල පිහිටි තේක්ක වගාවක මීගවයින් දෙදෙනාගේ සිරුරේ කොටස් හමුවී ඇත. කිසියම් පිරිසක් විසින් මී ගවයින් දෙදෙනා රැගෙන ගොස් මරා මස් රැගෙන ගොස් ඇති බවට ගව හිමි කාන්තාව විසින් පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ. සිද්ධිය පිළිබඳව තණමල්විල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment