සූරියවැව කාන්තාවක ඝාතනය සැකපිට අයියා මලෝ දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් රක්ෂිතයට

293


සූරියවැව මහපැලැස්ස උණුදිය පොකුණ අසල නිවසක පදිංචිව සිටි කාන්තාවක තියුණු ආයුධයකින් පහරදී නිදි යහන තුළදීම ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට පත් අයියා මලෝ දෙදෙනෙකු ඇතුළුව සැකකරුවන් තිදෙනා මේ මස 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇඹිළිපිටි මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (07දා) සවස නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ අම්බලන්තොට කොග්ගල්ල පදිංචි 22 හැවිරිදි ආර්.එල්.සුජිත් චතුරංග,20 හැවිරිදි ආර්.එල්.සමිත් චතුරංග නැමති අයියා මලේ දෙදෙනා සහ ඔවුන්ගේ යාළුවකු වන 22 හැවිරිදි රන්දික රාජපක්ෂ නැමති තරුණයන් තිදෙනාය.

advertistmentadvertistment
advertistmentadvertistment