සූරියවැව ප්‍රා.සභා ලේකම් අල්ලස් ගනිද්දී අල්ලයි

1018

සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා රුපියල් 50,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගනිද්දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.සූරියවැව සතිපොළ පවත්වා ගෙන පුද්ගලයාට ගෙවීමට ඇති රුපියල් ලක්ෂ 24ක මුදලකට අදාළ චෙක්පත නිකුත් කිරීම සඳහා එම නිලධාරියා රුපියල් 50,000ක අල්ලස් මුදලක් ඉල්ලා තිබුණි.ඒ අනුව එම කොන්ත්‍රාත්කරු මේ පිළිබඳව අල්ලස් කොමිසම දැනුවත් කිරීමෙන් පසු අදාළ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment