සූරියවැව මහපැලැස්සේ කතක් නිදි යහන තුළම මරු තුරුලට – ආයුධයකින් පහරදී ඝාතනය කරලා

307

සූරියවැව, මහපැලැස්ස උණුදිය පොකුණ අසල නිවසක පදිංචිව සිටි කාන්තාවක කිසියම් අයෙකු තියුණු ආයුධයකින් පහර දී නිදි යහන තුළදීම ඊයේ (01 දා) අළුයම ඝාතනය කර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ සූරියවැව මහපැලැස්ස උණුදිය පොකුණ අසල පදිංචි කොඩිතුවක්කුගේ අශෝකා දීපානි නැමති 34 හැවිරිදි විවාහක කාන්තාවකි. මෙම කාන්තාව පවුල් ආරවුලක් හේතුවෙන් කලක සිට සිය සැමියාගෙන් වෙන්ව ජීවත්ව සිට ඇති අතර කාන්තාව ප‍්‍රදේශයේ පදිංචි වෙනත් පුරුෂයකු හා සබඳතාවක්ද පවත්වාගෙන ගොස් තිබේ. ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය පිළිබඳව තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය හා සූරියවැව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සුසන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි සුරියවැව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වන්නිගම මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

මත්තල – දිලීප් එන්. ජයසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment