සූරියවැව විරෝධතා අතරතුර ප්‍රා.සභාවටත් ගල්මුල් ප්‍රහාර

193

යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු සූරියවැව ප්‍රාදේශීය සභාවේ ගොඩනැඟිලිවලට ගල් ගසා හානි කර ඇති බවට ඊයේ (20) පෙරවරුවේ පැමිණිල්ලක් ලැබී ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.

සූරියවැව විරෝධතා අතරතුර ප්‍රා.සභාවටත් ගල්මුල් ප්‍රහාර

ඉන්ධන මිල වැඩි කිරීමට විරෝධය පළකරමින් සූරියවැව නගරයට ඇතුළුවන ප්‍රධාන මාර්ග ස්ථාන කිහිපයකින්ම හරස් කර 19 වැනිදා සවස සිට මධ්‍යම රාත්‍රියවන තෙක්ම ජනතාව විරෝධතා පැවැත් වූ අතර එම අවස්ථාවේ කිසියම් පුද්ගලයන් දෙදෙනකු යතුරුපැදියකින් ගොස් සූරියවැව ප්‍රාදේශීය සභාවට ද ගල් ප්‍රහාර කිහිපයක් එල්ල කර එහි දේපළවලට හානි සිදුකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අප සූරියවැව ප්‍රාදේශීය සභාවේ සභාපති ජනක එරන්ද මහතාගෙන් ද විමසීමක් කළ අතර එහිදී ඔහු පැවසුවේ 19 වැනිදා රාත්‍රි 7.45ට පමණ මෙම ගල් ප්‍රහාරය එල්ල කර ඇති බවත් , ගල් ප්‍රහාරවලින් සභාවේ වීදුරු සහිත දොරවල් කිහිපයකට හානි සිදුව ඇති බවත්ය. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. සිද්ධියට අදාළ සීසීටීවී දත්ත පරීක්ෂා කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව විමර්ශන නිලධාරීහු පැවසූහ.

මත්තල දිලීප්. එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment