‘සෙකන්ඩ් ෂෝ’ අද සිට

272

ඉන්දු ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයක් වන “සෙකන්ඩ් ෂෝ” චිත්‍රපටය අද (08) සිට දිවයින පුරා ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාශාලාහිදී ප්‍රදර්ශනය ආරම්භ කෙරේ. ද්විභාෂා චිත්‍රපටයක් වන මෙහි දමිළ පිටපත ද අද සිට ලොව පුරා රටවල ප්‍රදර්ශනය අරඹන බව “සෙකන්ඩ් ෂෝ” ශ්‍රී ලාංකේය සම නිෂ්පාදිකා කෞශල්‍යා වික්‍රමසිංහ මහත්මිය ‘දිවයින’ සිනමා කලා සංග්‍රහයට පැවසුවාය. කෞශල්‍යා වික්‍රමසිංහ හා දකුණු ඉන්දීය නිෂ්පාදක මහාදේවන් ගනේෂ් නිෂ්පාදනය කළ “සෙකන්ඩ් ෂෝ” අධ්‍යක්ෂණය කළේ දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ ටී. ඥානම් විසිනි. හේමාල් රණසිංහ සමග දකුණු ඉන්දීය ජනප්‍රිය නළු නිළියන් වන අජ්මල් අමීර්” පල්ලවී සුභාෂ්” විද්‍යා ප්‍රදීප්” අක්ෂතා සහ පූජා මොන්ඩාල් චරිත නිරූපණය කරන “සෙකන්ඩ් ෂෝ” චිත්‍රපටයෙහි සිංහල ගීත ගායනා කරන්නේ කසුන් කල්හාර, උරේෂා රවිහාරි හා කුෂාණි සඳරේඛා විසිනි. සිංහල පිටපතෙහි දෙබස් රචනය තිසර ඉඹුලාන විසින් වන අතර ගී පදමාලා කසුන් මහේන්ද්‍ර ගෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment