සෙනසුරු ආපසු හැරෙයි

3081

ශ්‍රී ලංකාවාසී ජනතාව අතිශයින්ම පීඩාවට පත්වී සිටී. ජනමාධ්‍ය හරහා නිරන්තරවම දකින්නට හා අසන්නට ලැබෙන්නේ මේ බරපතළ වූ තත්ත්වයයි. කවදා රටට හොඳක් වෙයිද? ජ්‍යොතිෂවේදීන් හැටියට අපේ අදහස කුමක්දැයි බොහෝ දෙනෙක් ප්‍රශ්න කරයි. මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ පවතින තත්ත්වය ගැන, ග්‍රහ තරු රටා නිවේදනය කරන කරුණු අපක්‍ෂපාතීව සාකච්ඡා කිරීමයි.

රටේ තත්ත්වය කෙරෙහි බලපාන වැදගත් ග්‍රහ මාරු කිහිපයක් ජූලි මස මුලදී සිදුවීමට නියමිතය. මෙයින් ඉතා වැදගත් තැනක් ගන්නේ සෙනසුරු ග්‍රහයාය. ඊට හේතුව ශ්‍රී ලංකාව හිමි කුම්භ ලග්නයට සෙනසුරු අධිපති වීම හා ගොවීන්, කම්කරුවන් ආදී වැඩ කරන ජනතාව සෙනසුරුගෙන් නිවේදනය වීමයි. වසර දෙකකට අධික කාලයක් මකර රාශියේ ගමන් කළ සෙනසුරු අප්‍රේල් මස 29 වැනිදා කුම්භ රාශිගත විය. මෙය පැවති අසහනකාරී තත්ත්වයට මද සහනයන් ලැබීමට හේතු වුවත්, ලබන ජූලි දොළොස් වැනිදා සවස 2.50ට නැවත වරක් මකර රාශිගත වෙයි. ඒ චන්‍ද්‍ර චලිතයක ප්‍රතිඵලයක් වශයෙනි. තවද රවි ග්‍රහයා කටක රාශිගතවීම ද ජූලි 16 දා සිදුවේ. සෙනසුරු 2023 ජනවාරි 17 දින දක්වා මකර රාශියේ ගමන්කරයි. ලංකාව හිමි කුම්භ ලග්නයෙන් දොළොස්වැන්න වන වැයස්ථානය මකර රාශිය වේ. මෙය 2020 – 2022 අතර පැවති ඒරාෂ්ටක අපල කාලයට සමාන කාලයකි. මේ නිසා උදාවන මාස හයක කාලය රටවාසීන්ට එතරම් සුබදායක කාලයක් නොවන්නේය. 2020-21 කාලය ආර්ථික අර්බුදයට අමතරව කොවිඩ් 19 වසංගතයෙන් ජනතාව අතිශයින් පීඩාවට පත්වූ කාලය බව අමතක කළ හැකි නොවේ.

තත්ත්වය මෙසේ වන බැවින් ඉදිරි කාලය පොදු ජනතාවට කරදර හා පීඩාකාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වන බව පෙනේ. ජනතාව අතර දැඩි ආර්ථික ප්‍රශ්න හා දිළිඳු බව ඉහළ යනවා ඇත. ආහාර හිඟය මෙන්ම සෞඛ්‍ය  ගැටලු ද නැවතත් මතුවීමට ඉඩ තිබේ. ගොවිතැන් නොහොත් කෘෂිකාර්මික කටයුතුවලට ඇති බාධා ඉහළ යයි. ගොවි උපකරණවල ද මිල ඉහළ යනවා ඇත. සෑම තැනින්ම දුක් කරදර ගැන අසන්නට ලැබේ. මේ හැර මෙරට මිනිරන් කර්මාන්තයට ද විවිධ බාධා ඇතිවේ.

ආරෝග්‍යශාලාවල ඖෂධ හිඟය, සෞඛ්‍ය පහසුකම් නොමැතිවීම රෝගී මරණ ඉහළ යෑම වැනි තත්ත්වයන් වාර්තා වෙනවා ඇත. බන්ධනාගාර, වැඩිහිටි නිවාස, අනාථ නිවාස, පුනරුත්ථාපන මධ්‍යස්ථාන ආදී ස්ථාන පවත්වාගෙන යෑමට දැඩි ලෙස බාධා ඇතිවෙයි. බස්නාහිර පළාත තුළ මේ තත්ත්වය වර්ධනය වනවා ඇත. උදාවන හයමසක කාලය පාලක පක්‍ෂයට ද එතරම් සුබ කාලයක් නොවන්නේය. පාලන කටයුතුවල යෙදෙන අයට අපලයි.

රජය තුළම රජයට විරුද්ධ වන කණ්ඩායම් බිහිවන බව පෙනේ. අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ ගැටලු වැඩිවෙන බව කිව හැක. දේව භක්තිය පහළ යන අතර භුත දෝෂ පැතිර යයි. මන්දපෝෂණයෙන් පෙළෙන අයගේ සංඛ්‍යාව ද වර්ධනය වෙයි. නමුත් රටට ලැබෙන විදේශ ආධාර ගැන තරමක බලාපොරොත්තු තැබිය හැකිවේ. තවද විදේශ රැකියා බලාපොරොත්තුවෙන් විදේශගතවන වෘත්තිකයන් පිරිස ද ඉහළ යන බව පෙනේ. ඉහළම පෙළේ පාලකයන්ට රහස් සතුරු බලවේගවලට මුහුණ දීමට සිදුවෙයි. වැඩ කරන ජනයා සහ පාලකයන් අතර ගැටුම් ඇතිවෙයි. අරගල වර්ධනය වේ.

උක්ත කාලය තුළ ප්‍රකෝපකාරී හැසිරීම් හා විනාශදායක ක්‍රියා ඇතිවිය හැකි අතර ඉවසීමෙන් කටයුතු කිරීම අවශ්‍ය බව පෙනේ.

කෙසේ නමුත් අහසේ සිටින ග්‍රහයන් මේවා කරනවා යැයි වරදවා වටහාගත යුතු නොවේ. ග්‍රහයන් පෙන්වා දෙන්නේ කර්මවල විපාකයි. කර්ම යනු අප විසින් කරන දේවල්ය. සිතාමතා කරනු ලබන ක්‍රියාවලට ලැබෙන ප්‍රතික්‍රියා කර්ම විපාක වේ.

අකුසල හෙවත් සොරකම්, වංචා, දූෂණ යමෙකු විසින් කර තිබේ නම් ඒවාට ප්‍රතිඵල ද ලැබීම නියතය. වැපිරූ දේ අස්වැන්න ලෙස නෙළාගත යුතුවේ. ඉදිරියේ පවතින ග්‍රහ මාරු ඔබට සුබද අසුබද දැනගැනීමට ද කැමතිවීම ස්වභාවිකය. සෙනසුරු මකර රාශිගතවීම උපන් ලග්න අනුව ලබාදෙන ප්‍රතිඵල පහත පරිදි වනවා ඇත.

මේෂ –

දරුවන්ගේ හා ශිෂ්‍යයන්ගේ දියුණුවට කරනු ලබන කටයුතු සාර්ථක කරගැනීමට හැකිවේ. වැඩිහිටි ඥාතියකුට අපලදායකයි. කෘෂිකාර්මික කටයුතු හා රැකියා අංශවල තරමක බාධා ඇතිවීමට ඉඩ තිබේ. සඳු දහයේ සිටියදී උපන් අයට මේ අපල වැඩිවීමට හේතුයි. මතුවට ප්‍රයෝජන ලැබෙන දෙයකට වියදම් කිරීමට කරුණු යෙදේ. විදේශ ගමන් සාර්ථක කරගත හැකිවේ. ගුප්ත විiාවන් ගැන හිත යොමුවේ. පිනට දහමට හිත ඇදී යයි. දුර ගමන් යෙදෙනවා ඇත. වියදම් පාලනය කරගන්න.

වෘෂභ –

මව්පියන් වෙනුවෙන් අමතර වෙහෙසක් දරන්නට සිදුවේ. ඒ අයට අපලයි. ආගම දහමට ඇති ලැදියාව අඩුවිය හැකියි. වියදම ඉහළ යයි. තැන්පතු පවා වැයවීමට කරුණු යෙදේ. සතුරන් හා ඊර්ෂ්‍යාකරුවන්ගෙන් ප්‍රවේශම් විය යුතු කාලයකි. වාද විවාද හෝ නීතිමය ගැටලු ඇතිකර ගැනීමට සුදුසු කාලයක් නොවේ. නමුත් ආදායම යහපත් වේ. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබේ. ගොවිතැන් සාර්ථක වේ. ආගම දහම කෙරෙහි විශේෂ ලැදියාවක් ඇතිවේ. ගුරු දශා සුබදායකයි.

මිථුන –

ගෙවෙමින් තිබූ ශනි ඒරාෂ්ටක අපල කාලය නැවත උදාවෙයි. මේ නිසා ශරීර සනීපය ගැන සැලකිලිමත්වීම අත්‍යවශ්‍ය වේ. සඳු අටේ සිටි අයට මේ අපල තදින් දැනෙනවා ඇත. සේවක ගැටලු ඇතිවීමට හේතුයි. ග්‍රහ ශාන්තිකර්ම කරගන්න. ගුරු ද දහයේ ගමන් කරන බැවින් මේ කාලය තුළ කල්පනාකාරීව කටයුතු කළ යුතුවේ. වියදම් ඉහළ යන අතර තැන්පත් මුදල් පවා වැයවීමට ඉඩ තිබේ. උසස් අය සමග කරන කටයුතුවලදී ප්‍රවේශමින් ක්‍රියා කිරීම මැනවි.

කටක –

බිරිඳ හෝ සැමියාට අපලදායකයි. විවාහ යෝජනාවලට බාධා ඇතිවේ. නමුත් තදබල අපල ඇති නොවේ. උත්සාහය තරමට ප්‍රතිඵල ලබාගත හැකිවේ. විවාහ මංගල උත්සවවලට සහභාගි වීමට සිදුවේ. සඳු හතේ සිටි අයට තරමක් අපලයි. ආගමට දහමට ඇති ලැදියාව ඉහළ යන කාලයකි. දුර වන්දනා ගමන් යෑමට ද පහසුකම් සැලසේ. විදේශ ගමන්වලට ද ඉඩ තිබේ. පිට පළාත්වල සබඳතා මත කරන දේ වලින් ඉතා යහපත් ප්‍රතිඵල ලැබෙනවා ඇත. ගුරු දශා විශේෂයි.

සිංහ –

ශනි හයවැන්නේ ගමන් කිරීම සුබදායක වේ. සතුරන් හා තරගකරුවන්ගෙන් ජය ලැබේ. බලාපොරොත්තු වූ ණය මුදලක් ලබාගැනීමට පහසුකම් සැලසේ. සේවක පක්‍ෂයේ සහයෝගය ලැබේ. ගෞරවය හා සමාජ තත්ත්වය ඉහළ යයි. වාසනාවන්ත කාලයක් වේ. මේ අතර ගුරු දුර්වලව අටේ ගමන් කරන නිසා ශරීර සෞඛ්‍ය රැකගැනීමට සැලකිලිමත් වෙන්න. රහස් සතුරු උවදුරුවලින් ප්‍රවේශම් වෙන්න. රුධිරගත සීනි, කොලෙස්ටරෝල් වැනි අසනීප ඇති නම් වෛi ප්‍රතිකාර ලබාගැනීමට ප්‍රමාද නොකරන්න.

කන්‍යා –
පොරොන්දු ගිවිසුම් ආදියට ඇතුළත්වීමට සුබ කාලයක් නොවේ. දරුවන්ට අපලයි. දරුවන් වෙනුවෙන් අමතර වියදම් දැරීමට සිදුවිය හැකියි. කරදර සහිත ගමන්බිමන් යෙදේ. ව්‍යාපාරවලට මුදල් යෙදවීම ද දුරදිග බලා කළ යුතුය. නමුත් හවුල් ව්‍යාපාරවලින් ලාබ ලැබිය හැකියි. අවිවාහක අයගේ මංගල යෝජනා හෝ පෙම් සබඳතා ස්ථිර වේ. මංගල යෝග යෙදේ. නමුත් විනෝදාංශවලට අනවශ්‍ය ලෙස බර නොවීමට සැලකිලිමත් වෙන්න.

තුලා –
මව්පියන්ට තරමක අපල කාලයක් වේ. ශරීර සනීපය ගැන සැලකිලිමත් වෙන්න. ගෙදර දියුණුවට කරන කටයුතුවලට බාධා ඇතිවිය හැකියි. මව්පියන් අමනාප වීමට ඉඩ තිබේ. ගොවිතැන් කටයුතුවලට ද බාධා කරදර පෙන්වයි. සමාජය ගැන කලකිරීම් ඇතිකරයි. මේ අතර දැඩි ලෙස කාර්යබහුල වේ. මේ නිසා කලට වේලාවට ආහාර ගැනීමට පවා මඟහැරී යා හැකියි. හිතවතකුගෙන් වෙන්වීමට සිදුවන බවද පෙනේ. අදාළ ශාන්තිකර්ම කරගන්න.

වෘශ්චික –
සමාජ සේවා කටයුතු හෝ දේශපාලන කටයුතුවලට සම්බන්ධ අයට සුබයි. දරු ලාභ ගැන තිබූ බලාපොරොත්තු සාර්ථක විය හැකියි. උත්සාහය, උනන්දුව ඉහළ යනවා ඇත. කාර්ය බහුල වේ. සමාජ තත්ත්වය හා ගෞරවය වැඩිවේ.
ගෘහ ජීවිතය සතුටුදායක වේ. දරුවන්ගේ හා ශිෂ්‍යයන්ගේ දියුණුව ගැන හිතා සතුටුවිය හැකිවේ. අසනීපවලින් සුවය ලැබේ. ආයෝජනවලින් ලාබ ලැබේ. හදිසි ධන ලාභ ද ලැබෙන කාලයකි. අධ්‍යාපන කටයුතු සාර්ථකවේ. සතුරන් හා තරගකරුවන්ගෙන් ජය ලැබිය හැකිවේ.

ධනු –
සෙනසුරු නැවත වරක් ධනස්ථානයට මාරුවීම ධනය පිළිබඳව බාධා ඇති කරයි. වියදම් ඉහළ යනවා ඇත. නිෂ්ඵල දෙයකට ද වියදම් කිරීමට සිදුවේ. ණය මුදල් ගැනීමට පවා සිදුවිය හැකියි. ව්‍යාපාරවලට බාධා ඇති වේ. භාර්යාවට හෝ සැමියාට අපල පෙන්වයි. ඇස්වල හෝ දත්වල ආබාධ ගැන ප්‍රවේසම් වෙන්න. සමාජ කටයුතුවලදී දුරදිග බලා කටයුතු කරන්න. සඳුද දෙවැන්නේ සිටි අයට හා ශනි දශා ගතකරන අයට මේ අපල වැඩිවිය හැකියි. ග්‍රහ ශාන්තිකර්ම කරගන්න.

මකර –
ලග්න ඒරාෂ්ටක අපල කාලයක් උදාවන නිසා මේ කාලය ප්‍රවේසමින් ගත කළ යුතුවේ. වියදම් ද ඉහළ යයි. රැකියා හෝ ව්‍යාපාර කටයුතුවලට බාධා ඇතිවිය හැකියි. ළඟම හිතවතකුට හෝ නෑයකුට මාරක අපල ඇතිවන කාලයකි. වැඩ අධික වේ. කාර්ය බහුලවේ. සඳු ලග්නයේම සිටි අයට විවාහ බාධා ඇති වේ. ශනි දශා ගතකරන අය අදාළ ග්‍රහ ශාන්තිකර්ම කර ගැනීම මැනවි. ශරීර සනීපය ආරක්‍ෂා කර ගන්න. සෙම් රෝගවලින් ප්‍රවේසම් වෙන්න.

කුම්භ –
සාර්ථකව කරගෙන ආ කටයුතුවලට බාධා ඇතිවිය හැකිය. විශේෂයෙන් වියදම් ඉහළ යන කාලයකි. මේ නිසා වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් වෙන්න. ගෞරවයට හානි විය හැකියි. විදේශ ගමන් යෑමට තිබූ බලාපොරොත්තුවලට ද බාධා ඇතිවේ. නමුත් ගුරු දශා ගතකරන අයට තදබල අපල ඇති නොවේ. පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකිවේ. ආදායම් සතුටුදායක වේ. සමාජ තත්ත්වය ඉහළ යයි. බලාපොරොත්තු ඉටුවේ.

මීන –
ශනි එකොළොස්වැන්නට පැමිණීම සතුටුදායකයි. සේවක සහයෝගය ලැබේ. යහපත් මිතුරන්ගේ ඇසුර ලැබේ. අසනීපවලින් සුවය ලැබේ. ගෙවල් ඉඩම් ගැන කරන සංවර්ධන කටයුතු සාර්ථක වේ. සමාජයේ ප්‍රසිද්ධිය ඇතිවේ. අලුත් මිතුරු මිතුරියන් ද ඇතිවේ. හිතේ සතුට ඇතිවේ. අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට හැකිවේ. සමාජයේ තිබූ ගෞරවය හා පිළිගැනීම ඉහළ යයි. මේ අතර අවිවේකී බවක් ද ඇතිවේ. ගුරු දශා විශේෂයි.
උදාවී ඇති අපලදායක කාලසීමාව තුළ නිසි ලෙස ප්‍රතිපත්තිගරුකව කටයුතු කිරීමෙන් මේ අපල දුරුකර ගැනීම අපහසු නොවේ. අපට දකින්නට ලැබෙන්නේ මේ රට
ගිලෙමින් පවතින නැවක තත්ත්වයට පත්ව ඇති බවයි. සියලු දෙනාම එකතුවෙනවා වෙනුවට භේද භින්න වන්නේ නම් නිවසක පවා දියුණුවක් ගැන සිතීම උගහටය.
මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් යැයි කියනු ලැබේ. එනම් පාලකයන් වැඩිදෙනාගේ කැමැත්ත හඳුනාගෙන ක්‍රියාකිරීම අත්‍යවශ්‍ය වේ. දිනපතා ලැබෙන ප්‍රවෘත්ති ගැන බලනවිට බහුතර කැමැත්ත හඳුනා ගැනීම අපහසු නොවේ.
සෙනසුරු දශා ගතකරන අය විශේෂයෙන් දුකටපත් අන් අයගේ දුක්කරදරවලට සවන් දීමම ශාන්තිකර්මයකි. දුකට පත් අයට උදව් දිය යුතුය. ආහාරපාන, ඖෂධ අධ්‍යාපන උපකරණ නැති අයට පරිත්‍යාග කිරීම සුදුසුය. සෙනසුරාදා දිනවල උදේ 6-7 අතර බෝධිපූජා තබා දෙවියන්ට පින්දීම, ශ්‍රී විෂ්ණු දෙවියන්ට බාරහාර වීම තේරුම දැනගෙන කරණීය මෙත්ත සූත්‍රය භාවිතා කිරීම සුබය. කළු නිල් පාට අසුබය. මෛත්‍රි භාවනා කිරීම උසස්ම ශාන්තිකර්මයයි.

සෙනසුරු ආපසු හැරෙයි

කලාභූෂණ කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
දු.අංකය – 0771 234 313

 

advertistmentadvertistment
advertistmentadvertistment