සෙනසුරු මාරුවෙන් ප‍්‍රභූ මරණයක් ?

204

ශනි හෙවත් සෙනසුරු ග‍්‍රහයා 2022 අපේ‍්‍රල් මස 29 වැනි කිවි දින පෙරවරු 07.52 ට තම ස්වක්ෂේත‍්‍ර හා මූල ති‍්‍රකෝණ රාශිය වන කුම්භයට ප‍්‍රවිශ්ට වීමට නියමිතය.

 අංශක 360 රාශි වළල්ල වටා යෑමට සෙනසුරුට දළ වශයෙන් වසර 30 ක් පමණ ගතවේ. සෙනසුරු අවසන් වරට කුම්භයට පැමිණ ඇත්තේ 1993 මාර්තු 04 වැනිදාය. ඊටත් පෙර සෙනසුරු කුම්භයේ ගමන් කර ඇත්තේ 1964 ජනවාරි 24 වැනි දිනයි. ඊටත් පෙර 1934 මාර්තු 15 වැනිදාත් සෙනසුරුගේ කුම්භ රාශි ගෝචරය සිදුව ඇත.

 ඉහත කී අයුරින් සෙනසුරුගේ කුම්භ රාශි ගෝචරය පැවැති සෑම අවස්ථාවකදීම ලෝකයට අමතක නොවන විශේෂ සිදුවීම් රැුසකට මුහුණ පෑමට සිදු විය. විශේෂයෙන් සෙනසුරුගේ කුම්භ රාශි ප‍්‍රවේශය සිදුවූ අවස්ථාවලදී අප රටටත්, ජනතාවටත්, පාලක කාරකාදීන්ටත් දැඩි අපල තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වූ බව ඉතිහාසය විමසා බැලීමේදී පැහැදිලිව දැක ගත හැක.

 අප රට ලංකා කේන්දරයේ ලග්නය කුම්භයයි. කුම්භය වූ ලග්න භාවයට සෙනසුරුගේ පැමිණීම, යහපත් තත්ත්වයක් උදා කරතැයි කිසිසේත් බලාපොරොත්තු වීමට නුපුළුවන. ඒ බව සනාථ කරමින් 1993 මාර්තු 04 වැනි දින සෙනසුරුගේ කුම්භ රාශි ප‍්‍රවේශයෙන් මාස දෙකක් ඉක්ම යෑමටත් පළමුව 1993 මැයි 01 වැනි දින ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මැතිඳුන් එදින පැවැති මැයි දින රැුලිය අතරතුරදී කොළඹ ආමර්වීදිය මංසන්ධියේදී ඝාතනයට ලක් විය.

 එක් රාශියක වසර දෙකහමාරක පමණ කාලයක් ගමන් කරන සෙනසුරු ග‍්‍රහයා 1993 මාර්තු 04 වැනිදා ලංකා කේන්දරයට ආ ගමන්ම සිදු කරන ලද්දේ ජනාධිපති පේ‍්‍රමදාසයන් ගොදුරු කර ගන්නට පෙර, ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යවරයා බිල්ලට ගැනීමය. 1993 අපේ‍්‍රල් මස 23 වැනිදා කිරුලපන මහජන කී‍්‍රඩාංගණයේ පැවැති පළාත් සභා ඡුන්ද රැුස්වීමේදී සාහසිකයකුගේ වෙඩි පහරින් එතුමා මරණයට පත් විය.

 1993 දී සිදු වූ රටේ අර්බුදකාරී වාතාවරණයන්ට මංපෙත් විවර වන්නට වූයේ 1990 මාර්තු 19 වැනිදා සෙනසුරු, මකරයේ ගමන් ආරම්භ කිරීමත් සමගය. මකරය යනු අප රට කේන්දරයේ 12 වැන්නය. එය මෙලොවින්, එලොව ජීවිතයට ජන්මියාව යොමු කරවන ස්ථානයයි. වැය ස්ථානය නමින් හඳුන්වන මෙය දුක, ඊර්ෂ්‍යාව, වධ බන්ධන, හිර අඩස්සි, රහස් කටයුතු, ආත්ම විනාශය වැනි නරක දේට බලපවත්වන ස්ථානය ලෙස සෘෂීන් නම්කර ඇත.

 සෙනසුරු මකරයේ ගමන අරඹන විට, ඉදිරියේදී කුම්භයට ගිය පසු සිදු කිරීමට බලාපොරොත්තු වන කි‍්‍රයාවන්හි සැලසුම සාදා ගන්නා බව අප අතීතය ඇසුරින් දුටුවෙමු. 1990 මාර්තු 19 වැනිදා මකරයට පිවිසි සෙනසුරු 1991 අගෝස්තු 29 වැනිදා

සෙනසුරු මාරුවෙන් ප‍්‍රභූ මරණයක් ?



 පාරම්පරික ජ්‍යොතිෂවේදී
 දිවුලපිටියේ ඩග්ලස් ගුණවර්ධන
 දු.අංකය 0776 283 097

advertistmentadvertistment
advertistmentadvertistment