සෙන්චරියට දින දාහතක් තබා සමුගත් රත්තරං කෙල්ල

592

බෙටි වයිට්… හෙවත් ‘‘රත්තරං කෙල්ල ’’ යන ආදරණීය නාමයෙන් ආමන්ත‍්‍රණය කරන බෙටී 2022 වසරේ ජනවාරි 17 වැනි දිනට ඇගේ ජීවිතයේ සියවැනි ජන්ම දිනය සැමරීමට බලා සිටියාය. නමුත්…ඒ දින දාහත ගෙවන්නට ඇයට අවසර ලැබුනේ නැත. 2022 වසරේ ජනවාරි 22 වැනි දින ඇය ජීවිතයට සමු දුන්නේ සියවැනි උපන්දින සාදය ගැන මවා ගත් බලාපොරොත්තු සමගයි.

1922 වසරේ ජනවාරි 17 වැනි දින උපත ලද බෙටී වයිට්ගේ ජීවිතයේ දශක නවයක කාලයක්ම කලා ක්‍ෂේත‍්‍රය වෙනුවෙන් දායකත්වය ලබා දුන්නාය. ඇය ප‍්‍රථම වරට ගුවන්විදුලි වැඩසටහනක් සඳහා සම්බන්ධ වූයේ 1930 වසරේදීය. ඒ වෙන විට ඇගේ වයස අවුරුදු අටකි. එයින් පසුව ඇය ජොකී අල්ජාවිස්ගේ මග පෙන්වීම මත ලොස් ඇන්ජලිස්හි ගුවන්විදුලි සේවාවකට සම්බන්ධ වෙමින් ඇගේ කලා ලෝකයේ පෞරුෂය ගොඩ නගා ගත්තාය 1949 වසරේදී රූපවාහිනියේ ‘‘Hollywood on Television’’ වැඩසටහනට සම්බන්ධ වූ බෙටී 1950 දශකය වෙන විට රූපවාහිනියේ විකාශය වූ ‘‘Life with Elizabeth ’’ සහ ‘‘Date with angels’’ රූපවාහිනි නාට්‍යන්හි ජනපි‍්‍රය චරිතයක් බවට පත් වූවාය.

1967 වසරේදී Password, Match Game වැඩසටහනට සම්බන්ධ වූ බෙටි එම වැඩසටහන මෙහෙයවූ ඇලන් ලූඩන් සමග යුග ජීවිතයට පිවිසියාය. 1981 වසරේ ඇලන් මියයන තෙක්ම ඔවුන්ගේ ආදරණීය බැඳීම දුරස් වූයේ නැත. 1973-1977 අතර කාලයේදී විකාශය වුණ The Mary Tyler Moore Show වැඩසටහනේදී බෙටී සහාය නිළියක් ලෙසින් ඇගේ දස්කම් විස්මයක් ලෙසින් විදහා පාන්නට සමත් වූවාය. Password, Match Game Tattletales, To Tell the Truth, The Hollywood Squares සහ The $25,000 Pyramid වැනි ක‍්‍රීඩා ( game shows) සංදර්ශනයන්හි සිය රංගන දායකත්වය ලබා දුන් බෙටී ‘‘කී‍්‍රඩා සංදර්ශනයන්හි පළමු කාන්තාව’’ ලෙසින්ද නම් කරනු ලැබුවා. මෙම දායකත්වය වෙනුවෙන් ඇය Daytime Emmy සම්මානයෙන් පිදුම්ලද අතර එවන් වූ සම්මානයක් ලද ප‍්‍රථම ඇමරිකානු ජාතික කාන්තාව බවටත් ඇය ඉතිහිසයට එක් වී සිටිනවා. 1983 වසරේදී The Bold and the Beautiful, Boston Legal, The Carol Burnett Show සහ Saturday Night Live වෙනුවෙන් සිය හැකියාවන් විදහා දැක්වීමටත් බෙටී පසුබට වූයේ නැත.

1985 සිට 1992 කාලයේ විකාශය වුණ Golden girls නාට්‍ය මාලාවේ බෙටී සොෆියාගේ චරිතයෙන් සමාජයේ කොතරම් ජීවමාන වූවාද යත් එතැන් පටන් ඇය බොහෝ දෙනා හඳුන්වනු ලැබුවේ බෙටී ලෙසින් නොව හෙවත් රත්තරං කෙල්ල (Golden girl) යන ආදරණීය නාමයෙන්ය.

2010 වසරේදී Saturday Night Live වෙනුවෙන් බෙටි සම්මාන ලබන විට ඇගේ වයස අවුරුදු 88 කි. ‘‘Anthropolgy 101’’ හි ඇය අමුතු ගති පැවැතුම් ඇති මහාචාර්යවරියගේ චරිතයට සැබෑම සාධාරණත්වයක් සපයා දුන්නාය.

2015 වසරේදී බෙටි වයිට් ගිනස් පොතක සිය කීර්තිනාමය එක් කරුනු ලැබුවේ Bones රූපවාහිනි නාට්‍ය මාලාවන් වෙනුවෙන් වැඩිම දායකත්වයක් ලබා දුන් රංගන ශිල්පිනියක් ලෙසින්ය. කලාකරුවෙක් වෙනුවෙන් ජීවිතයට එක් වරක් පමණක් ප‍්‍රදානය කරන Screen actors Guild award සම්මානය ලබා ගත්තේ 2010 වසරේදීය.

2011 වසරේදී ස්වචරිතාපදානයක් රචනා කළ බෙටී ඒ වෙනුවෙන් If you ask me (and ofcourse you won]t ) නම් තබන ලදී. 2015 වසරේදී TV Land award උත්සවයේදී ඇය වෙනුවෙන් Legend award ලබා දුන්නේද සිය ජීවිතය තුළ කලාලෝකයට සිදු කරන ලද මෙහෙවරට උපහාරයක් ලෙසින්ය.

ඇය ශතකය අබියස සිටියාය. ඇගේ මෙහෙවර අගයමින් ජන්ම දිනය යෙදෙන ජනවාරි 17 වැනි දිනට “Betty White: 100 Years Young — A Birthday Celebration”චිත‍්‍රපටය නිදහස් කිරීමට සූදානම් කර තිබුණි Steve Boettcher සහ Mike Trinklein දෙදෙනාගේ නිෂ්පාදනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් යුක්ත මෙම චිත‍්‍රපටය ඇය සමග නැරඹීමට විවෘත ආරාධනාවක් පවා සැලසුම් කර තිබුණි. මේ ගැන අදහස් දක්වන බෙටී එදා කියා සිටියේ සාදවලට කවුද අකමැති… ඇය ජීවිතය වින්දනය කළේ ඒ විදිහටයි. නමුත් ඇය යන්නම ගියාය. බෙටී ඔබට සුබ ගමන්…

සී. එන්. එන් පුවත්
පුන්‍යා චාන්දනි ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment