සෙන්චරි තබන්නේ ජපනුන් විතරද..?

230

දීර්ඝායුෂ ගැන සඳහන් කරද්දී අපි සියක් ආයු ලැබ සිටින්නට යැයි ප‍්‍රාර්ථනා කළත් එවැනි ආයුෂක් ලැබ නිරෝගී ජීවිතයක් ගත කිරීමට වාසනාව ලබන්නේ ඉතාම සීමිත පිරිසක් බව ඇත්ත. නමුත් ජපානයේ පුද්ගලයන් ලක්ෂයක් ගතහොත් ඔවුන්ගෙන් 48 දෙනෙක්ම තමන්ගේ සියවැනි උපන්දිනය සැමරීමට වාසනාව ලබා සිටින බැව් ඔබ දන්නවාද? එහෙම නම් ලෝකයේ අනෙක් රටවලට නැති ජපනුන්ට පමණක් ඇති මේ වාසනාව කුමක්ද…?

⋆ ජපන් ආහාර රහස්…

ජපන් ආහාර නිසාම එරට වැසියන්ගේ ජීවිත අපේක්ෂාව වර්ධනය වී ඇති බවට වූ අධ්‍යයන වාර්තාවන් බොහොමයක් තිබේ. වෘද්ධ චිකිත්සාව (Geriatrics) සහ වෘද්ධ විද්‍යාව (Gerontology) පිළිබඳ ජපානයේ පර්යේෂණ මධ්‍යස්ථානයේ වසංගත රෝග පිළිබඳ පර්යේෂක ‘‘ශු ශැන්ග්’’ පෙන්වා දෙන අන්දමට එය අප කාටත් ආහාරයට ගත හැකි සුෂී බන්දේසියන් නොවේ. ඒ අතර තවත් පර්යේෂණ වාර්තා 39 කින් පෙන්වා දෙන අන්දමට ජපන් ජාතිකයන් විසින් වැඩියෙන් පරිභෝජනය කරනු ලබන කරදිය මත්ස්‍යයන්, මුහුදු ආහාර, එළවළු, සෝයා බෝංචි සහ සෝයා බෝංචි අතිරේක බත් සහ මිසෝ සුප් (miso soup) ඒ අතරින් වැදගත් වෙනවා.

1990 දශකයේදී වෝල්ටර් විලට් නමැති පෝෂණවේදියා විසින් ලියන ලද පර්යේෂණ ලිපියක දැක්වෙන අන්දමට ජපන් ජාතිකයන් හෘදරෝග වෙනුවෙන් ඇති අවදානමත් ඉතා අඩු මට්ටමක තිබේ. හදවත් රෝග පමණක් නොව පිළිකාවෙන් පවා ආරක්ෂාවට තිබෙන එකම රහස ඉහත ආහාර රටාව බැව් ‘‘ශු ශැන්ග් ’’ සඳහන් කරනවා.

⋆ සමස්ත මරණ අනුපාතය අඩු වීමට ආහාර බලපාන අන්දම

ජපන් ජාතිකයන්ගේ මරණ අනුපාතය පහළ බැසීමට ආහාර මගින් ඇති කරන බලපෑම අළලා ජපානයේ ටොහෝකු වි ඕව විද්‍යාලයේ ආහාර සහ අනුක ජීව විද්‍යා අංශයේ සහකාර මහාචාර්ය ‘‘සුයෝෂි’’ සුඩුකි විසින් අධ්‍යනයක් සිදු කරන ලදී. ඒ සඳහා ඔහු ජපන් ජාතිකයන්ගේ ආහාර වේලක අඩංගු ආහාර සහ ඇමරිකානු ජාතිකයන්ගේ ආහාර වේලක ඇති ආහාර සම්බන්ධ කර ගත්තා. අදාළ පර්යේෂණයට සම්බන්ධ කර ගත් මීයන් කණ්ඩායම් දෙකකට බෙදා ගත් අතර ඔවුන්ට ලබා දුන් ආහාරවල මේදය. කාබොහයිඞ්ඩ්‍රේට සමාන අන්දමින් බෙදා තිබුණි. නමුත් අධ්‍යනය අවසානයේදී පෙනී ගිය අන්දමට ජපන් ආහාර ලබා දුන් මීයන්ගේ රුධිරයේ අඩු මේද ප‍්‍රතිශතයක් තිබුණ අතර ඔවුන්ගේ උදර ප‍්‍රදේශයේ මේද තැන්පත් වීමත් ඇමරිකානු ආහාර ලබා දුන් මීයන්ට සාපේක්ෂව අඩු මට්ටමක පැවතීම විශේෂත්වයක් විය.

⋆ එහෙම වෙන්නත් හේතුවක් එපායැ..

මෙම අධ්‍යන වාර්තාව විශ්ලේෂණය කළ පර්යේෂකයන්ට පෙනී ගියේ එකම පෝෂ්‍ය පදාර්ථය ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් තෝරා ගත් ආහාර වර්ගය මගින් යම් බලපෑමක් ඇති වුන බවයි. මස් වෙනුවට මෙහිදී තිරිඟු, හාල් යොදා ගැනීමත් විශේෂයක් විය.

ඔවුන් මේ අධ්‍යනය එකකට සීමා කළේ නැත. ගෙවුණු වසර පනහක කාලයක් ගැන අවධානය යොමු කරන ලදී. 1960ූ 1975ූ 1990 සහ 2005 යන අවුරුදු පාදක කර ගනිමින් අධ්‍යනය ඉදිරියට ගෙන යන ලදී. එතැනදිත් පෙනී ගියේ ජපන් ආහාර ලබා දුන් මීයන් එකම ප‍්‍රතිඵලයක් පෙන්වූ බවයි.

1975 වසරේ සිදු කරන ලද අධ්‍යනයේදී පෙනී ගියේ මේ අවස්ථාවේදි මීයන්ට ලබා දුන් ආහාර මගින් දියවැඩියාව සහ අක්මාවේ මේදය ගබඩා වීම ඉතාම අවම මට්ටමක පැවැති බවයි. මේ අධ්‍යනය හඹා ගිය විද්‍යාඥයන්ට පෙනී ගියේ 1975 වසරේ පර්යේෂණයට සම්බන්ධ කර ගත් මීයන් වැඩි කාලයක් ජීවත් වුණ අතර ඔවුන්ගේ වයස්ගත වීම අඩු වීමත්, මතකය වැඩි වීමත් නිරෝගිතාවය පවත්වා ගැනීමත් වැනි වාසි බොහොමයක් ලැබී තිබුණි.

⋆ මීයන්ට හොඳ නම් අපටත්…

මහාචාර්ය ‘සුයෝෂි’ සුඩුකි විසින් මෙම ආහාර මිනිස් පරිභෝජනය වෙනුවෙන් ආදේශ කරන ලදී. දින 28 ක් මෙම ආහාර ලබා දුන් පුද්ගලයන්ගේ ශරීර බර අඩු මට්ටමක පැවැති අතර කොලෙස්ටරෝල් ගිණුම යහපත් විය. මීට ඉහතදී ලබා දුන් ආහාර වට්ටෝරුවලට සාපේක්ෂව බලන විට 1975 ආහාර බොජුන්පත ලබා දුන් පුද්ගලයන්ගේ සිරුරේ හැඩයත් යහපත් මට්ටමක පැවැතීම විශේෂයකි. මෙම ප‍්‍රතිඵලය ලබා ගැනීමට හේතු වී ඇත්තේ මිනිස් සිරුරේ සිටින යහපත් ක්‍ෂුද්‍ර ජීවින්ගේ කි‍්‍රයාකාරිත්වය බවත් මහාචාර්ය ‘සුයෝෂි’ විසින් පෙන්වා දි තිබේ.

⋆ 1975 ආහාර බොජුන්පත සුවිශේෂී ඇයි…

1975 වසරේ ලබා දුන් ආහාර බොජුන්පත සකස් වී තිබුණේ කුඩා ප‍්‍රමාණවලින් වන අතර එම ආහාර විවිධ රටාවන්ට අනුව සකස් විය. ඒ නිසා විවිධ රසයන්ගෙන් යුක්ත විය. බොහෝ ආහාර ජල වාෂ්පයෙන් (steamed) තම්බා ගත් අතර බැද ගැනීම වෙනුවට මද ගින්දරේ තම්බා ගෙන තිබුණි. රසය වෙනුවෙන් ලූණු සීනි වෙනුවට සාම්ප‍්‍රදායික රස කාරක එක් කර ගෙන තිබුණි.

මේ අනුව පෙනී යන්නේ ජපනුන් දීර්ඝායුෂ ලබා ඇත්තේ මුහුදු පැළෑටියේ හෝ සෝයාබෝංචිවල බලය නිසා නොව ඒවා පිළියෙල කර ගැනීමේදී අනුගමනය කරන සෞඛ්‍ය සම්පන්න රටාව නිසා බවයි. ඔවුන්ගේ බත් පිඟාන වැඩියෙන් කලඑලි වෙන්නේ එළවළු සහ රනිල කුලයේ ඇට සහ පලා වර්ගවලින්ය. මෙය ජපනුන්ට පමණක් නොව අප කාටත් අනුගමනය කළ හැකි ඉතාම සරල සහ පහසු රටාවකි. නමුත් නවීන පරම්පරාව පවා මෙම ආහාර ගැන දක්වන සැලකිල්ල මදි වීම නිසා මෑතක පටන් තරුණ ජනගහනය අතරත් දියවැඩියාව, ස්ථුලතාවය සහ හදවත් රෝග ගැන අසන්නට ලැබෙන ප‍්‍රවනතාවක් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment