සෙන්ටිගේ‍්‍රඞ්ස්ලා පරණ සද්දෙට විසේ විසේ එයි

780

විසේ විසේ ජාත්‍යන්තර මට්ටමකට ගෙනි යන්න උත්සාහයක් දරනවා

 ඩාර්ක් ඒන්ජල් ගීතයෙන් තමයි මේ තරුණයන්ව ලංකාව හඳුනාගත්තේ. ඊට පස්සේ තමයි හැමෝම හොයලා බැලූවේ මේ කොල්ලො සෙට් එක කවුද කියලා. ඔවුන් නමින් සෙන්ටිගේ‍්‍රඞ්ස්. යන්න එපා ඉන්න නගේ, රන්වන් මල්දම්, දිවුරාලා පවසන්නම්, කොටුව කොටුව, දැනුනා වගේ ගීත වලින් කාලෙන් කාලෙට ඔබ අතරට ආ ඔවුන් ලොක්ඩවුන් එක අතරේ අලූත් වැඩක් කරලා. මෙදා පාර සෙන්ටිගේ‍්‍රඞ්ස්ලා මේ වැඬේ නම් කරලා තියෙන්නේ විසේ විසේ කියලා. ඉතිං අපි සෙන්ටිඩ්‍රේස්ලාගේ තුසිත් නිරෝෂන්ගෙන් හදිසියේ විසේ විසේ එළිදැක්වූයේ ඇයි කියලා විමසුවා.

 * තුසිත් මොකක්ද මේ විසේ විසේ?

 මේක අපේ අලූත්ම ගීතය. සෙන්ටිගේ‍්‍රඞ්ස් කිව්වහම අපිට අනන්‍යවූ සවුන්ඞ් එකක් තිබ්බා. උදාහරණයකට අපේ නගේ ගීතය ගන්න පුළුවන්. නගේ ගීතයත් එක්ක වෙන සවුන්ඞ් එකක් ලංකාවේ මියුසික් ඉන්ඩස්ටී‍්‍රස් එකට ගෙනාවා. ඒකෙන් පස්සේ අප විවිධ නිර්මාණ කළා. නමුත් අපි දැක්කා රසික රසිකාවියන්ගෙන් වෙනස්ම ප‍්‍රතිචාරයක්. ආපහු

 සෙන්ටිගේ‍්‍රඞ්ස් සද්දේ ඕනෑ කිව්වා. අපි පසුගිය කාලයේ කරපු නිර්මාණ වෙන වෙන එක්ස්පරිමන්ට්වල ඉඳලා කළේ. දැන් අපි ආයෙත් හිතුවා අපේ සද්දේ එළියට දෙන්න කාලය හරි කියලා. අපි පුංචි විරාමයක් අරගෙන ඉඳලා අපිට අනන්‍ය වූ සංගීතයත් එක්ක වැඩක් ගමු කියලා එකඟතාවයකට ආවා. ඒකත් එක්ක තමයි විසේ විසේ බිහිවෙන්නේ.

 * කවුද මේ වැඬේට එකතු වුණ පිරිස?

 තනුව නිර්මාණය කළා මුලින්ම. තනුවට ලස්සන වචන ටිකක් එකතු කරලා දුන්නා තරින්ද කසුන් ජයවර්ධන. අපිට ඕනෑ කළා සෙන්ටිගේ‍්‍රඞ්ස් සද්දේ එළියට දෙන්න. එකත් එක්ක අපි ජන සංගීතය මුසුවුණ අපේ තාලයේ මියුසික් එකක් තමයි එළියට දැම්මේ.

 * විෂුවල් එකට ටීනාව ගත්තේ ජනපි‍්‍රයත්වය බලාගෙනද?

 ඒක අපි පිළිගන්නවා. මේ දවස්වල ටීනා ෂනෙල් ජනප‍්‍රියයි.

 එයාගේ නර්තන හැකියාවත් එක්ක එයාට ලොකු මාර්කට් එකක් මේ දවස්වල තියෙනවා. විශේෂයෙන් අපේ විසේ විසේ ගීතයට නර්තනය පැත්තෙන් සෑහෙන වැඩක් අවශ්‍ය කරලා තිබුණා. ඒක හින්දා අපි හිතුවා ටීනා සුදුසුයි කියලා. හොඳ විසේ තියෙන කෙනෙක් ඕනෑ කරලා තිබුණේ. ඉතිං ඒකට සම්බන්ධ කෙනා හම්බවුණා කියලා හිතුණා.

සෙන්ටිගේ‍්‍රඞ්ස්ලා පරණ සද්දෙට විසේ විසේ එයි



 * කොහොමද ගීතයට ලැබෙන ප‍්‍රතිචාර

 ඇත්තටම මේ ගීතයට දැන් ලැබෙන ප‍්‍රතිචාර ඉතා ඉහළයි. අපි කොහොමත් මේ ගීතයට ප‍්‍රතිචාර බලාපොරොත්තු වුණා. අපි හිතුවාටත් වඩා ඉහළ ප‍්‍රතිචාර ලැබුණා.

 හැමෝම කියන්නේ අන්න ආපහු සෙන්ටිගේඞ්‍්‍රස් සද්දේ අවිත් කියලා. විශේෂයෙන් විiුත් මාධ්‍ය සගයෝ කතා කරලා කියෙන ප‍්‍රතිචාර නම් ඉතාම ඉහළයි.

 * ඔබලාගේ සංගීත වැඩකටයුතු?

 ඇත්තම කිව්වොත් අපේ මේ අලූත් ගීතයට සෑහෙන මහන්සි වුණා. අපිට ඕනෑ කරලා තිබුණේ කිසිම අඩුපාඩුවක් නැතිව මේ ගීතය රසිකයන්ට ලබාදෙන්න. අපේ ඊළඟ ටික එක පෙළට නිකුත් කරන්න අදහසක ඉන්නවා. ඒත් එක්ක ඔන්ලයින් ඔස්සේ ගීත එකතුවක් එළිදක්වන්න සැලසුම් කරලයි තියෙන්නේ.

 * ඔන්ලයින් ප‍්‍රසංගයක් කරන්න හදනවා කියන්නේ?

 ඇත්තටම එහෙම අදහසක් තියෙනවා. මේ තියෙන කොවිඞ් වසංගත ප‍්‍රශ්නය නිසා දැනට එළිමහන් ප‍්‍රසංග පවත්වන්න හැකියාවක් නැහැ. ඔන්ලයින් ඔස්සේ ප‍්‍රසංගයක් පවත්වන්න සූදානමක් තියෙනවා. එහි මූලික කටයුතු මේ දිනවල සූදානම් කරනවා.

 * විසේ විසේ ජාත්‍යන්තරයට ගෙනියන්නත් සූදානම් වෙනවා නේද?

 දැනට අපේ මේ ගීතය රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවලට ලබාදීලයි තියෙන්නේ. ඒ තුළින් ලොකු ප‍්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා. දැන් අපි මේ ගීතය ඩිජිටල් ෆ්ලැට්ෆෝම් වලට දාලා තියෙන්නේ. අපි ටියුන්ස්, ෆෝර්ට්ෆයව් වගේ ඩිජිටල් ෆ්ලැට්ෆෝම් ඔස්සේ හැමෝටම අහන්න පුළුවන්. අපි තව පුංචි උත්සාහයක් දරනවා ජාත්‍යන්තර මට්ටමකට යන්න. ඒක කොතරම් දුරට සාර්ථක වෙයිද කියන්න දන්නේ නැහැ.

 * සෙන්ටිගේ‍්‍රඞ්ස් ලයිව් යූටියුබ් නාලිකාව ගැනත් යමක් කතා කළොත්?

 ඉස්සරහට අපේ සියලූම නිර්මාණ සෙන්ටිගේ‍්‍රඞ්ස් ලයිව් කියන යූටියුබ් නාලිකාව හරහා තමයි එළිදක්වන්න සූදානම් වෙන්නේ. ඒත් එක්කම අපේ අලූත්ම තොරතුරු සෙන්ටිගේ‍්‍රඞ්ස් ෆේස්බුක් ෆෑන් පේජ් එක හරහාත් දැනගන්න පුළුවන්.


 දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment