සෙබස්තියන් විදුහල වැඩි ගෞරව දිනූ රන් සටන ජය පරාජයෙන් තොරවේ

209

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර 71 වැනි වරට පැවැත්වුණු මොරටු රන් මහා සටන දෙදින ක‍්‍රිකට් තරගය සෙබස්තියන් විද්‍යාලයට වැඩි ගෞරව අත්කර දෙමින් ජය පරාජයෙන් තොරව නිමා වූයේය.

ඒ අනුව මොරටු රන් මහා සටන 61 වැනි වරටත් ජය පරාජයකින් තොරව අවසන් වූ අතර මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී තරගය පැවැත්විණි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් සාන්ත සෙබස්තියන් විද්‍යාලය ලබා ගත් ලකුණු 254ට පිළිතුරු ලෙස වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 173ක් ලබා ගත්තේය.

ලකුණු 81ක පළමු ඉනිමේ වාසියක් ද සමඟ පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් විද්‍යාලය දෙවැනි ඉනිම සඳහා පන්දුවාර 37 ක දී ලකුණු 169 ක් රැුස් කළේය.

යෂාන් අවිශ්ක සහ නායක සුකිත ප‍්‍රසන්න අර්ධ ශතක ලබා ගනිමින් දස්කම් දැක්වූ අතර බිහඟ මෙන්ඩිස් ලකුණු 42ක් ලබාගෙන සාන්ත සෙබස්තියන් දෙවැනි ඉනිම සවිමත් කළහ. 110.64ක ප‍්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙන පන්දුවට පහර දුන් නායක සුකිත පළමු ඉනිමේ ලබාගත් ලකුණු 41කට අමතරව දෙවෙනි ඉනිමේදීද ලකුණු 52ක් ලබා ගත් අතර ඊට 4 පහර 4ක් සහ 6 පහර දෙකක් ඇතුළත් විය.

ලකුණු 249ක ඉලක්කයක් සිය ප‍්‍රතිවාදීන් වෙත ලබා දෙමින් ඔවුන් සිය දෙවැනි ඉනිම අත්හිටු වූ අතර පිළිතුරු දෙවැනි ඉනිම දියත් කළ වේල්ස් කුමර විද්‍යාලය පන්දුවාර 5කට මුහුණ දෙමින් ලකුණු 17ක් ලබාගෙන සිටිය දී තරගය අවසන් කෙරිණි.

ලකුණු සාරාංශය,

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම – 254 (68.5*: සංදීෂ් ප‍්‍රනාන්දු 66, සුකිත ප‍්‍රසන්න 41, සෙනිත් ප‍්‍රනාන්දු 31, යෂාන් අවිශ්ක 30, සුමල්ක ප‍්‍රනාන්දු 5/39, අචල පෙරේරා 2/70.

වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිම – 173 (63.4*: පසිඳු පැතුම් 54, සුමල්ක ප‍්‍රනාන්දු 23, කලන සංදීප් 4/30.

සාන්ත සෙබස්තියන් විද්‍යාල දෙවන ඉනිම – 167/2 (37*: යෂාන් අවිශ්ක 67, සුකිත ප‍්‍රසන්න 52, බිහඟ මෙන්ඩිස් 42, අශාන් ප‍්‍රනාන්දු 1/35.

වේල්ස් කුමර විද්‍යාල දෙවන ඉනිම – 17/0

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment