සෙල්ලම් මාලිගය පියඹීමේ අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළ යයි

800

ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රාථමික පාසලක ක‍්‍රීඩාංගනයේ සවි කර තිබූ උඩ පනින සෙල්ලම් මාලිගයක් (බවුන්සින් කාසල්) සුළඟට හසු වී ගුවනට පියඹා යෑමේ අනතුරෙන් තුවාල ලැබ රෝහල් ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ළමයෙකු මිය යාමත් සමගම එම අනතුරෙන් මිය ගිය ළමුන්ගේ සංඛ්‍යාව ඊයේ (17දා) දහවල් වන විට පස් දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබිණි.

මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබ රෝහල්ගත කර සිටි ඉතිරි ළමුන් සිවු දෙනාගෙන් එක් අයෙකු සුවය ලබා ඊයේ දිනයේ රෝහලින් නික්ම ගොස් ඇති අතර සෙසු ළමුන් තිදෙනා තවමත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වී තිබේ. මෙම අනතුර සම්බන්ධයෙන් තස්මේනියානු ප‍්‍රාන්තයේ ජනතාව මෙන්ම මුළු මහත් ඔස්ටේ‍්‍රලියානු ජනතාවම දැඩි සේ කම්පාවට පත්ව සිටින බව රජය විසින් ප‍්‍රකාශ කර තිබේ. ඔස්ටේ‍්‍රලියාවේ තස්මේනියා ප‍්‍රාන්තයට අයත් ‘ඩෙවන්පෝර්ට්’ නගරයේ පිහිටි හිල්ක්‍රෙස්ට් ප‍්‍රාථමික පාසලේ ළමුන්ගේ විනෝද වීමේ දිනය නිමිත්තෙන් සවි කර තිබූ සෙල්ලම් මාලිගය තුළ සෙල්ලම් කරමින් සිටියදී අදාළ ළමුන් පිරිස මෙම අනතුරට මුහුණ පා තිබිණි. අනතුර සිදු වූ පෙරේදා (16දා) දිනයේ ප‍්‍රදේශයේ දැඩි සුළඟක් පැවති බව මුලින් පැවසුනද හොඳින් හිරු එළිය පතිතව තිබූ එදින පැවති සුළෙඟ් වේගය පැයට කිලෝ මීටර් 7ත් කිලෝ මීටර් 22ත් අතර සාමාන්‍ය මට්ටමේ පැවති බව ඔස්ටේ‍්‍රලියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය පවසනුයේ මෙම අනතුර පිළිබඳව ගැටලූ රැසක් පැන නැගී ඇති අතර අදාළ සෙල්ලම් මාලිගය පොළවේ කිසියම් ස්ථානයකට ගැට ගසා තිබුණේද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment