සෙල්සියස් අංශක 50 උෂ්ණත්වයෙන් ඔස්ටේ‍්‍රලියාවේ ඔන්ස්ලෝ නගරය දැවෙයි

435

ඔස්ටේ‍්‍රලියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 50.7ක්, එරට වෙරළබඩ නගරයකින් වාර්තා විය. ජනවාරි 13 දා බටහිර ඔස්ටේ‍්‍රලියාවේ ඔන්ස්ලෝ නගරයෙන් වාර්තා වූ මෙම උෂ්ණත්වය 1962 වසරේ දකුණුදිග ඔස්ටේ‍්‍රලියාවෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්වයට සමවෙයි. ජනවාරි 14 වන සිකුරාදාවේ දී ඔන්ස්ලෝ සහ යාබද නගරවල උෂ්ණත්වය තවත් ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා අනාවැකි පළව ඇති බැවින්, උෂ්ණත්වය පිළිබඳ වාර්තාව නැවතත් බිඳී යනු ඇති.

මෙසේ සිදුවූයේ පසුගිය මාසයේ දී බටහිර ඔස්ටේ‍්‍රලියාවෙන් මහා ලැව්ගිනි ඇතිවීම් වාර්තාවීමත් සමග ය.

මාගරට් ගංගාව ආසන්නයේ හෙක්ටයාර 6000කට වැඩි බිම් කොටසක් දැවී හළුවී ගිය අතර, එම ප‍්‍රදේශයන්ගෙන් ජනයා ඉවත් කිරීමට ද සිදුවිය. එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනවාරි 13 දා පැය 14:26ට (ප.ව. 02:26ට) මෙසේ ඉහළම උෂ්ණත්වය පිළිබඳ වාර්තාව සමවූ බව තහවුරු කළේය. එරට මාධ්‍ය පවසන පරිදි, වසරේ මෙම කාලයේ දී ඔන්ස්ලෝහි සාමාන්‍ය උෂ්ණත්වය විය යුත්තේ 36.5ඣීක්‍ කි.

මාර්ඩි සහ රෝබර්න් නම් නගර දෙකක් ද 13 වැනි දා 50ඣීක්‍ ට ඉහළ උෂ්ණත්වයක් වාර්තා කළේ ය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලූක් හන්ටින්ටන් ප‍්‍රකාශ කළේ, වර්ෂාපතනය අඩුවීම හේතුවෙන් මෙම ප‍්‍රදේශයේ උණුසුම් වාතය එකතුවී ඇතිබව යි.

advertistmentadvertistment
advertistmentadvertistment