සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් වලින් ආසිරි රෝහල් වල බිල්පත් ගෙවීමේදී විශේෂ පහසු ගෙවීමේ ක්‍රමයක්

65

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, සිය ගනුදෙනුකරුවන්ට පහසු ගෙවීමේ ක්‍රමයට රෝහල් ගාස්තු ගෙවීමට අවස්ථාව සලසා දීම සඳහා ආසිරි හොස්පිට්ල්ස් සමූහ ව්‍යාපාරය සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹී තිබේ.

කෙනෙකුට රෝහල්ගත වීමට සිදු වූ අවස්ථාවකදී හෝ තම පවුලේ කෙනෙකු රෝහල්ගත කිරීමට සිදු වූ අවස්ථාවකදී ඇතැම් විට රෝහල් ගාස්තු එකවර ගෙවීම දුෂ්කර වීමට ඉඩ ඇත. මෙම හවුල්කාරීත්වය නිසා සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට එබඳු ගැටලුවකට මුහුණ නොදී, සිතේ සැහැල්ලුවෙන් යුතුව, අදාළ ගාස්තුව කොටස් වශයෙන් ගෙවීමට අවස්ථාව හිමි වේ.

මෙම පහසුකම යටතේ, සෙලාන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් ආසිරි සමූහයේ රෝහල් සඳහා ගෙවීම් සිදුකරන ගනුදෙනුකරුවන්ට මාස 6 ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට එම ගාස්තු ගෙවීමට අවස්ථාව ලැබේ. මේ ආකාරයට රු. 50,000 සිට රු. මිලියනය දක්වා ගෙවීම් සිදුකරන ගනුදෙනුකරුවන්ට, අදාළ ගනුදෙනුවේ සිට දින 7 ක කාලයක් තුළ 011-2008888 අංකය ඇමතීමෙන් අදාළ ගෙවීම පහසු ගෙවීමේ ක්‍රමයක් බවට පරිවර්තනය කරගත හැකි වනු ඇත. මෙම දීමනාව 2022 දෙසැම්බර් 31 දින දක්වා වලංගු වේ.

advertistmentadvertistment
advertistmentadvertistment