සෙලාන් බැංකුවෙන් කාඩ්පත් හිමියන්ට රක්ෂණ වාරික සඳහා පහසු ගෙවීමේ ක්‍රම

37

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, තම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පහසු ගෙවීමේ ක්‍රමයට රක්ෂණ වාරික ගෙවීම සඳහා අවස්ථාව උදාකර දී තිබේ. රටේ ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගම් කිහිපයක් සමග අත්වැල් බැඳගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇත. ජීවිත රක්ෂණ හා සාමාන්‍ය රක්ෂණ හිමි සෙලාන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට වඩාත් හොඳින් තම ආදායම් හා වියදම් කළමනාකරණය කරගැනීමට අවස්ථාව ලබාදීම මෙහි අරමුණ වී තිබේ.

2022 අගෝස්තු 31 දින දක්වා, සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් මගින් රක්ෂණ වාරික ගෙවීමේදී සෙලාන් කාඩ්පත් හිමියන්ට මෙම සුවිශේෂී පහසුකම හිමිවන අතර, රු. 10,000 ත් රු. 1,000,000 ත් අතර වාරික ගෙවීම් සඳහා එය වලංගු වේ. මාස 3 සහ මාස 6 යන කාලසීමාවන් සඳහා මෙම පහසුකම ලබාගත හැකි අතර, රාජකාරි දින 7 ක් ඇතුළත ගනුදෙනුකරුවන්ට තම ගනුදෙනුව පහසු ගෙවීමේ ක්‍රමයක් බවට පරිවර්තනය කරගත හැක. සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, AIA ඉන්ෂුවරන්ස්, යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, LOLC සහ ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් වැනි ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගම් වල රක්ෂණ සඳහා මෙම පහසු ගෙවීමේ ක්‍රමය හිමි වේ.

“සුහද හදක් ඇති දේශීය බැංකුව වශයෙන් අප මේ මොහොතේ ගනුදෙනුකරුවන් මුහුණ දෙන දුෂ්කරතාවන් හොඳින් හඳුනනවා. ඔවුන්ගේ අවශ්‍යතාවන් අනුව ඔවුන්ට සහන සැලසීමට අප සෑම විටම උත්සාහ කරන්නේ ඒ නිසයි. මේ මොහොතේ රක්ෂණ වාරික එකවර ගෙවීම ඇතැම් අයට දුෂ්කර බව අප දන්නවා. ඒ නිසා අප හඳුන්වා දෙන පහසු ගෙවීමේ ක්‍රම ඔවුන්ට විශාල සහනයක් වේවි.

පසුගිය මාස කිහිපය තුළ ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාවන් කෙතරම් දුරකට වෙනස් වී තිබේද යන්න අපට වැටහෙනවා. අපට අවශ්‍ය වන්නේ සෙලාන් කාඩ්පත් ඔවුන්ට සහනයක් වනු දැකීමයි.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (පාරිභෝගික කාඩ්පත්) යුජීන් සෙනෙවිරත්න මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment