සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ප්‍රවීණ බැංකු වෘත්තිකයෙකු වන ලක්ෂ්මන් සිල්වා පත් කෙරේ

53

සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ප්‍රවීණ බැංකු වෘත්තිකයෙකු වන ලක්ෂ්මන් සිල්වා මහතා පත්කර තිබේ.

ඒ මහතා දශක තුනකට අධික කාලයක් DFCC Bank PLC‍ සහ එහි අනුබද්ධ සමාගම් වල ඉහළ තනතුරු දැරූ, අත්දැකීම් සම්භාරයක් සහිත වෘත්තිකයෙකි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ලක්ෂ්මන් සිල්වා මහතා 1987 වසරේදී DFCC බැංකු සමූහයට එක්විය. එහි දශකයකට අධික සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඒ මහතා DFCC වර්ධන බැංකුව වෙත පත්වීම් ලැබූ අතර, 2010 වසර වනතෙක් එහි ප්‍රධාන විධායක නිලධාරී/ විධායක අධ්‍යක්ෂ ලෙස සේවය කළේ ය. ඉන් පසු නැවතත් 2015 වසරේදී ඒ මහතා DFCC බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂ ලෙස පත්වීම් ලැබූ අතර, ඉන් අනතුරුව 2017 වසරේදී එම බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්වීම් ලබා, 2021 වසරේදී විශ්‍රාම යනතුරු එම තනතුරු දැරී ය.

advertistmentadvertistment
advertistmentadvertistment