සෙලාන් බැංකුව පරිසර හිතකාමීත්වය දිරිගන්වමින් සූර්ය බලශක්ති පද්ධති සඳහා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වාදෙයි

107

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුවේ සෙලාන් කාඩ්පත් මෙරට සූර්ය බලශක්ති පද්ධති අලෙවි කරන ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් සමග හවුල්කාරීත්වයකට එළඹ සිටී.

මෙම හවුල්කාරීත්වය යටතේ සෙලාන් කාඩ්පත් හිමියන්ට පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම සහිතව සූර්ය බලශක්ති පද්ධති මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ. Ceylon Superpower Solution” East Link” Green Engineering Systems” Hayleys Fentons” Sum Solar Lanka සහ United Solar Electrical යන සමාගම් මෙලෙස සෙලාන් කාඩ්පත් සමඟ අත්වැල් බැඳගෙන සිටින අතර, මෙය ශ්‍රී ලාංකිකයන් පරිසර හිතකාමී සූර්ය බලශක්තිය වෙත යොමුකරවන පුරෝගාමී පියවරක් වනු ඇත. සූර්ය බලශක්ති උපකරණ මිලදී ගැනීම සඳහා සෙලාන් කාඩ්පත්හිමියන් තෝරා ගන්නා සමාගම අනුව, මාස 3, 6, 12 හෝ 24 දක්වා කාලසීමාවක් සඳහා පහසු ගෙවීමේ ක්‍රම ලබාගත හැකි වේ.

advertistmentadvertistment
advertistmentadvertistment