සෙලාන් බැංකුව පාපැදි භාවිතය දිරිමත් කිරීම සඳහා පොලී රහිත  පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දෙයි

51

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, සිය ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පාපැදි මිලදී ගැනීම සඳහා පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මේ සඳහා සෙලාන් බැංකුව දැනටමත් දිවයිනේ ප්‍රමුඛතම පාපැදි සැපයුම්කරුවන් කිහිපදෙනෙකු සමඟ අත්වැල් බැඳගෙන සිටී.

 මේ යටතේ සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට Tomahawk හෝVelo By City වෙතින් පාපැදි මිලදීගෙන, එය පහසු ගෙවීමේ ක්‍රමයක් බවට පරිවර්තනය කරගත හැකි වේ. එමෙන්ම පාපැදි අමතර කොටස් හෝ වෙනත් උපාංග මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගනුදෙනුකරුවන් වෙනුවෙන් සෙලාන් බැංකුව Daraz සමඟ අත්වැල් බැඳගෙන සිටින අතර, විදුලි බලයෙන් ක්‍රියාකරන පාපැදි මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගනුදෙනුකරුවන් වෙනුවෙන් Fono Technologies සමඟ හවුල්කාරීත්වයකට එළඹී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment