සෙලාන් බැංකුව පිළිගත් මුදල් හුවමාරු ක්‍රම හරහා මෙරටට මුදල් එවීම දිරිගැන්වීමට ඇල්බට් අංකල් යළි කරළියට ගෙනෙයි

98

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පිළිගත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් හරහා මෙරටට මුදල් එවීම දිරිමත් කිරීම සඳහා සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබේ. අතීතයේදී වෙස්ටර්න් යූනියන් සේවාව වෙනුවෙන් නිර්මාණය කරන ලද, මෙරට තුළ අතිශයින් ජනප්‍රිය වූ වෙළෙඳ දැන්වීමක චරිතයක් වන ඇල්බට් අංකල් චරිතය මෙහිදී නැවත කරළියට පැමිණෙනු ඇත.

“රටේ පවතින වත්මන් ආර්ථික ගැටලු විසඳීම සඳහා, විදේශ රටවල සිට මෙරටට එවනු ලබන මුදල් ප්‍රමාණය වැඩිකර ගැනීම ඉතාමත් වැදගත්. සුහද හදක් ඇති දේශීය බැංකුව වශයෙන් සෙලාන් බැංකුව, පිළිගත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් හරහා ලැබෙන අභ්‍යන්තර ප්‍රේෂණ ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා මෙම නිර්මාණශීලී වැඩසටහන දියත් කිරීමට තීරණය කළා. ඇල්බට් අංකල්ගේ චරිතයට නැවත ජීවය දීම මගින් අපට බාල මහලු කාටත් ආමන්ත්‍රණය කරමින්, පිළිගත් මුදල් හුවමාරු නාලිකා හරහා මුදල් එවා රටේ යහපතට දායක වීමට මෙන්ම ඔවුන් දිරිමත් කිරීමට හැකිවේවි.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම් හා අලෙවි) ගමික ද සිල්වා මහතා පැවසීය.

මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන් 15 දෙනෙකුට Uncle Albert NFT හිමිවන අතර, ඒ අතරින් එක් ජයග්‍රාහකයෙකුට මුදලින් රු. 100,000/- ක්ද හිමි වේ. දිනුම් ඇදීමකින් ජයග්‍රාහකයන් තෝරාගනු ලබන අතර, වැඩසටහන ආරම්භ කළ දිනයේ සිට දින 45 ක කාලයක් ඇතුළත, ඕනෑම විදේශ මුදල් වර්ගයකින් ඇමරිකානු ඩොලර් 500 කට සමාන හෝ ඊට වැඩි මුදලක් ප්‍රේෂණය කරන පුද්ගලයන්, එම ගනුදෙනුවට අදාළ යොමු අංකය සෙලාන් බැංකුවේ නිල සමාජ මාධ්‍ය පිටුව වෙත යොමු කළ යුතුය. එවිට ඔවුන් මෙම දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබනු ඇත. මූලික ත්‍යාගවලට අමතරව ජයග්‍රාහකයන්ට සෙලාන් බැංකුවේ ප්‍රමුඛතා ක්ෂණික ඇමතුම් අංකයක් සහ සෙලාන් බැංකුවේ ශාඛාවලදී සියලුම සේවාවන් සඳහා ප්‍රමුඛතාව හිමි වීම ඇතුළු විශේෂ සේවාවන් හා ප්‍රතිලාභ රාශියක් ද හිමි වේ.

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment