සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යුත් යතුරුපැදි ව්‍යාපෘතිය වන ඍදාය් සමග අත්වැල් බැඳගනී

128

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙරට ප්‍රථම විද්‍යුත් පාපැදිය සැලසුම් කර නිෂ්පාදනය කිරීමේ කටයුතු වල නිරත වී සිටින Rodha Life (පුද්.) සමාගම සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය.

මෙම හවුල්කාරීත්වය මගින්, Rodha Life සමාගම හට නවෝත්පාදනය මුල්කරගත් පුරෝගාමී දේශීය ප්‍රවාහන විසඳුම් සමාගමක් බවට පත්වීම සඳහා දරන උත්සාහය තුළ ඔවුන්ට ඉහළම තලයේ බැංකු සේවාවන් ඇතුළුව ප්‍රතිලාභ රාශියක් හිමිවනු ඇත.

තමන් සමග අත්වැල් බැඳගෙන සිටින හවුල්කරුවන්ගේ දියුණුව උදෙසා හැකි සෑම සහයෝගයක්ම ලබාදීමට සෙලාන් බැංකුව සෑම විටම උත්සාහ දරයි. සෙලාන් බැංකුවේ අරමුණ වන්නේ, සම්ප්‍රදායික මූල්‍ය සේවා සපයන්නෙකුගේ භූමිකාවෙන් ඔබ්බට ගොස්, තරුණ පරපුර සහ ව්‍යවසායිකාවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරමින්, ගනුදෙනුකරුවන්ට අවශ්‍ය පහසුකම් සහ අවස්ථාවන් සපයමින්, ඔවුන්ගේ අනාගත දියුණුව වෙනුවෙන් ශක්තිමත් වේදිකාවක් නිර්මාණය කර දීමයි. මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට ඇති හැකියාව අනුව, එම ව්‍යාපාර වර්ධනය කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව සෙලාන් බැංකුවේ විශ්වාසයයි.

,සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සහ ඔවුන් දිරිමත් කිරීම සම්බන්ධයෙන් අපගේ ප්‍රමුඛතම අවධානයක් යොමු වී තිබෙනවා. COVID-19 කාලසීමාව තුළ මෙම ව්‍යාපාර කාණ්ඩයට සහය වීම සඳහා පෞද්ගලික බැංකු ක්ෂේත්‍රයේ තුන්වැනියට විශාලතම දායකත්වය ලබාදුන්නේ සෙලාන් බැංකුවයි. මේ ක්ෂේත්‍රයන් වෙනුවෙන් අප ආරම්භ කළ ව්‍යාපෘති තවමත් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. Rodha සමග ඇතිකරගත් හවුල්කාරීත්වය අපට විශේෂ සන්ධිස්ථානයක්. අපගේ හවුල්කරුවන්ගේ ඉදිරි ගමන තුළ ඔවුන් තනි නොකරන බවට අප ලබා දී ඇති පොරොන්දුව එමගින් නැවත වරක් අවධාරණය කෙරෙනවා. ඔබගේ බැංකුව ලෙස, ඔබගේ සැබෑ හැකියාවන් මතුකර ගැනීම සඳහා ඔබට සහය වීමට අප සූදානම්. බාධාවන්ට අභියෝග කරමින් ඉදිරියට යන ඔබේ ආකල්ප වලට අප ගරු කරනවා. ඔබගේ උත්සාහයන්ට වඩාත් හොඳින් ගැළපෙන ආකාරයේ සහයෝගයක් ඔබට ලබාදීමට අප සූදානම්., සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ගමික ද සිල්වා මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment