සෙලාන් බැංකුව 2021 මූල්‍ය වර්ෂයේ දී රු. බි. 4.6 ක බදු පසු ලාභයක් වාර්තා කරයි

259

සමාලෝචනයට ලක්වන කාලසීමාව සඳහා බැංකුවේ සමස්ත පොලී ආදායම 2021 වසරේ දී රුපියල් බිලියන 4.3 කින් අඩු වී රුපියල් බිලියන 46.8 ක් දක්වා පහළ බැස ඇත. (2020 වසරේ දී පොලී ආදායම රුපියල් බිලියන 51.1 කි.) 2020 වසරේ දී වාර්තා වූ පොලී වියදම රුපියල් බිලියන 31.6 ට සාපේක්ෂව 2021 මූල්‍ය වර්ෂය තුල රුපියල් බිලියන 23.2 දක්වා 26.66% කින් පහත වැටිණ.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, ශුද්ධ පොලී ආදායම් (NII) වර්ධනය 2020 වසරේ වාර්තා වූ 4.64% ට සාපේක්ෂව සමාලෝචිත කාල සීමාව තුළ 20.98% ක ආකර්ෂණීය වර්ධනයක් වාර්තා කළේය. 2020 වසරේ දී වාර්තා වූ ශුද්ධ පොලී ආන්තිකය (NIM) වූ 3.63% ට සාපේක්ෂව 2021 දී 4.05% ක් වාර්තා වූ අතර වත්කම් සහ බැරකම් කාලෝචිත ප‍්‍රතිමිලකරණය සහ බැංකුවේ ජංගම සහ ඉතුරුම් ගිණුම් (CASA) පදනම අඛණ්ඩව ශක්තිමත් කිරීම එයට හේතු විය. ජංගම සහ ඉතුරුම් ගිණුම් පදනම 2021 වසරේ දී වසරින් වසරට 19.00% වර්ධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 27.6 කින් ඉහළ ගියේය.

බැංකුවේ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම පෙර මූල්‍ය වර්ෂයේ දී වාර්තා වූ රුපියල් බිලියන 3.7 ට සාපේක්ෂව රුපියල් බිලියන 4.6 දක්වා 24.44% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළේය. (2020 වසරේ දී 11.89% ක පසුබෑමක් පැවතින.) ගාස්තු සහ කොමිස් ආදායමේ වර්ධනයට ප‍්‍රධාන වශයෙන් ඇපකර නිකුත් කිරීමේ ගාස්තු, වෙළඳාම ආශ‍්‍රිත ගාස්තු මෙන්ම ණය සහ කාඞ්පත්වල ගාස්තු ආදායම හේතු විය. බැංකුව 2021 වසරේ දී රුපියල් බිලියන 31.4 ක් ලෙසින් සමස්ත මෙහෙයුම් ආදායම 23.71% ක වර්ධනයක් වාර්තා කළේ පෙර මූල්‍ය වර්ෂයේ වාර්තා වූ රුපියල් බිලියන 25.4 ට සාපේක්ෂව ය.

බැංකුවේ මුල්‍ය උපකරණ වෙළඳාමෙන් ලැබූ ශුද්ධ ලාභය 163.02% කින් අඩු වූ අතර, සමාලෝචිත වර්ෂය තුළ ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ සහ රාජ්‍ය සුරැකුම්පත් මත වෙළඳපල අලාභය එය කෙරෙහි බලපෑවේය. සමාලෝචිත වසරේ මූල්‍ය වත්කම් හඳුනා නොගැනීමෙන් ලැබූ ශුද්ධ ලාභය පෙර වසරට සාපේක්ෂ ව 29.28%ක සෘණ වර්ධනයක් වාර්තා කළේය. බැංකුවේ ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම 2021 වසර සඳහා රුපියල් මිලියන 2,877.6 ක් වූ අතර එය පෙර වසරට සාපේක්ෂව 172.04% ක වර්ධනයකි.

බැංකුවේ සමස්ත මෙහෙයුම් වියදම් 2020 වසරේ රුපියල් බිලියන 12.8 සිට රුපියල් බිලියන 13.1 දක්වා සමාලෝචිත කාල සීමාව තුළ 2.15% කින් වැඩි විය. බැංකුවේ කාර්ය මණ්ඩල වියදම් පෙර වසරේ රුපියල් බිලියන 7.2 ට සාපේක්ෂව 2021 දී රුපියල් බිලියන 7.3 දක්වා 0.15% කින් සුළු වශයෙන් වැඩි විය. කාර්ය මණ්ඩල වියදම් සඳහා නිර්වචනය කරන ලද ප‍්‍රතිලාභ වගකීම් මත අතීත සේවා පිරිවැය රුපියල් මිලියන 437 ක ආපසු හැරවීමක් ඇතුළත් වන අතර එය බැහැර කළේ නම්, පෙර වසරට වඩා 6.19% කින් පුද්ගල පිරිවැය ඉහළ යනු ඇත. මෙයට ප‍්‍රධාන වශයෙන් හේතු වූයේ සාමූහික ගිවිසුම්වලට අනුව වාර්ෂික වැටුප් වැඩි වීම සහ සේවක උසස්වීම් හේතුවෙන් වැටුප් පරිමාණයන් ඉහළ යාමයි.

advertistmentadvertistment
advertistmentadvertistment