සෙලාන් බැංකුව KOKO සමග එක්වී පහසු ගෙවීමේ ක්‍රම සහ දීමනා එකතුවක් හඳුන්වා දෙයි

78

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ජනප්‍රිය මාර්ගගත ගෙවීම් යෙදවුමක් (Online payment app) වන KOKO සමග එක් වී, අන්තර්ජාලය ඔස්සේ සහ අලෙවිසැල් වලින් සිදුකරන මිලදී ගැනීම් සඳහා පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

මේ යටතේ සෙලාන් ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් මගින් ගෙවීම් සිදුකරන කාඩ්පත් හිමියන්ට විශේෂ වට්ටම් සමග මාස 3 ක පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමද හිමිවනු ඇත.

KOKO යෙදවුම බාගත කර ගනුදෙනු කිරීම ආරම්භ කරන සෙලාන් කාඩ්පත් හිමියන්ට 2022 සැප්තැම්බර් 30 දින දක්වා විශේෂ දීමනාවක් හිමි වේ. මේ යටතේ ඔවුන්ට රු. 5,000/- ට වැඩි බිල්පත් සඳහා, රු. 1,000/- ක උපරිමයකට යටත්ව, 10% ක වට්ටමක් හිමිවනු ඇත. KOKO app මගින් ලැබෙන ප්‍රධානතම වාසියක් වන්නේ ක්‍රෙඩිට් කාඩ්පත් මෙන්ම ඩෙබිට් කාඩ්පත්ද භාවිතා කළ හැකි වීමය. එමෙන්ම ගනුදෙනුවේ මුළු වටිනාකම පොලී රහිතව වාරික තුනකින් ගෙවිය හැකි වේ.

advertistmentadvertistment
advertistmentadvertistment