සෙලාන් බැංකුව, LANKA QR සේවාව බස්නාහිර පළාතෙන් පිටත ප්‍රචලිත කිරීම සඳහා පෙරමුණ ගනී

64

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව,‘Seylan Pay QR Carnival’ නමින් විශේෂ උත්සවයක් කුරුණෑගල ප්‍රදේශයේදී පැවැත්වීමට පසුගියදා කටයුතු කළේය.

මෙරට තුළ ඩිජිටල් ගනුදෙනු ප්‍රචලිත කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දී ඇති LANKA QR සේවාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරවීම මෙහි අරමුණ විය. විශේෂයෙන්ම ප්‍රදේශයේ වෙළඳුන් සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඉලක්ක කරගෙන පැවති මෙම වැඩසටහන කුරුණෑගල

වෙහෙර /වැහැර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ, ඛ්බන් QR කමිටුවේ සහ හවුල්කාර බැංකු වල නියෝජිතයෝ පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.

LankaQR සේවාව ජාතික මට්ටමින් ක්‍රියාවට නැංවීමේ වැඩසටහනේ 14 වන අදියර ලෙස පැවති මෙම සැණකෙළියට විශාල වෙළඳුන් පිරිසක් එක්වී සිටි අතර, එම අවස්ථාවේදී වෙළඳුන් 100 කට අධික පිරිසක් මෙම සේවාව සඳහා සම්බන්ධ කරගැනීමට සෙලාන් බැංකුවට හැකියාව ලැබිණි. සමස්තයක් ලෙස 1,000 කට අධික පාරිභෝගිකයන් පිරිසක් මෙම සැණකෙළිය දැකබලා ගැනීමට පැමිණි අතර, එය අදාළ වෙළඳුන්ට තම භාණ්ඩ අලෙවි කරගැනීමටත්, දිස්ත්‍රික්කය තුළ LANKA QR සේවාව තවදුරටත් ප්‍රචලිත කිරීමටත් ලැබුණු අගනා අවස්ථාවක් විය.

උත්සවයේ ප්‍රධාන අංගය ලෙස, සෙලාන් බැංකුව විසින් සිය QR ගෙවීම් පද්ධතිය වන SeylanPay ජංගම යෙදුම භාවිතා කරන ආකාරය පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කරන ලදි. සැණකෙළි භූමියෙහි ඇඳුම් පැළඳුම් සහ ආයිත්තම්, තෑගි භාණ්ඩ, ආහාර, රසකැවිලි, ඉලෙක්ට්‍රොනික හා විදුලි උපකරණ, පැළ වර්ග, රූපලාවණ්‍ය භාණ්ඩ සහ වාහන අමතර කොටස් ආදිය අලෙවි කරන කුටි 50 කට අධික ප්‍රමාණයක් ස්ථාපිත කර තිබූ අතර, QR මගින් ගෙවීම් කිරීමේදී පාරිභෝගිකයන්ට විශේෂ වට්ටම් හිමි විය. මේ දක්වා දිවයින පුරා පැවති LankaQR ප්‍රවර්ධන වැඩසටහන් අතරින් වැඩිම පිරිසක් සහභාගී වූ වැඩසටහන මෙය වීම විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment