සෙලාන් හරසර වෙතින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තවත් ප්‍රතිලාභ රැසක්

151

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, හරසර ජ්‍යෙෂ්ඨ ගිණුම හඳුන්වාදී ඇත්තේ මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූලික අවශ්‍යතාවන්ට හොඳින් ගැලපෙන මූල්‍ය විසඳුම් පිරිනැමීමේ අරමුණිනි.

මෙහි තවත් පියවරක් වශයෙන්, හරසර ඩෙබිට් කාඩ්පත් හිමියන්ට සෞඛ්‍ය සේවාවන් සහ එදිනෙදා අවශ්‍යතා සඳහා වට්ටම් සහ ප්‍රතිලාභ පිරිනැමීමට සෙලාන් බැංකුව මේ වනවිට කටයුතු යොදා ඇත.

සෞඛ්‍ය සේවාවන් යනු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ප්‍රමුඛතම අවශ්‍යතාවකි. මේ නිසා, ආසිරි රෝහල් සමූහය සමග අත්වැල් බැඳගෙන, සෙලාන් හරසර ඩෙබිට් කාඩ්පත් හිමියන්ට විශේෂ වට්ටම් පිරිනැමීමට සෙලාන් බැංකුව පියවර ගෙන ඇත. මේ යටතේ හරසර ඩෙබිට් කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේදී බාහිර රෝගී සේවාවන්, CT සහ MRI ස්කෑන්, ECG, X-ray,Mammograms සහ තවත් තෝරාගත් පරීක්ෂණ සඳහා 20% ක් දක්වා වට්ටම්ද, Asiri Laboratorie වෙතින් සේවාවන් ලබාගැනීමේදී 10% ක් දක්වා වට්ටම්ද හිමි වේ. මීට අමතරව Vision Care වෙතින් ශ්‍රවණාධාර මිලදී ගැනීමේදී ඔවුන්ට 20% ක් දක්වා වට්ටම්ද, ඇස් කන්නාඩි සහ අවු කන්නාඩි සඳහා 10% ක් දක්වා වට්ටම්ද හිමි වේ.

තවද සෙලාන් හරසර ගිණුම් හිමියන්ට හෝර්ටන් පෙදෙසේ සහ ගල්කිස්සේ පිහිටි සිද්ධාලේප ප්‍රතිකාර මධ්‍යස්ථාන වලදී සහ සිද්ධාලේප ආයුර්වේද රෝහලේ බාහිර රෝගී අංශයේ ඖෂධ සහ ප්‍රතිකාර සඳහා 25% ක් දක්වා වට්ටම් හිමිවනු ඇත. මීට අමතරව විජිත යාපා පොත්හල් වෙතින් දේශීය හා විදේශීය පොත්පත් මිලදී ගැනීමේදී 15% ක් දක්වා වට්ටම් පිරිනැමේ.

advertistmentadvertistment
advertistmentadvertistment