සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ SLT – Mobitel එක්ව සුවිශේෂ රක්ෂණාවරණයක් SLT – Mobitel පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙයි

102
සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී (සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් ඇතුළත්වන සමාගම) හි සභාපති අජිත් ගුණවර්ධන” SLT සමාගමේ සභාපති රොහාන් ප්‍රනාන්දු යන මහත්වරුන් අදාළ ගිවිසුම හුවමාරු කරගත් අයුරු ඡායාරූපයෙන් දැක්වේ. එම අවස්ථාවට එක් වූ මොබිටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි චන්දික විතාරණ” SLT සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ජනක අබේසිංහ, SLT සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, සෙලින්කෝ ඉන්ෂුවරන්ස් ප්‍රධාන මෙහෙයුම් නිලධාරි පැට්‍රික් අල්විස්, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සභාපති අජිත් අල්විස්, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් අධ්‍යක්‍ෂ, ප්‍රධාන විධායක නිලධාරි රෙක්ස් ගුණතිලක යන මහත්වරුද ඡායාරූපයේ වෙති. ඡායාරූපය - නිශාන් එස්. ප්‍රියන්ත

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ SLT – Mobitel සමාගම එක්ව ඉතාම සුවිශේෂී රක්ෂණ ප්‍රතිලාභයක් SLT -ඵදඉසඑැක පාරිභෝගිකයන් වෙත මෑතකදී හඳුන්වා දෙන ලදී.

“සෙලින්කෝ SLT – Mobitel අනන්තය” නමින් හඳුන්වාදෙන මෙම නව රක්ෂණාවරණයට SLT – Mobitel පාරිභෝගිකයන් වෙනුවෙන් රු.500,000 ක් දක්වා බරපතළ රෝග ආවරණයක් සහ හදිසි අනතුරකින් සිදුවන මරණයක දී සහ පූර්ණ සදාකාලික අබාධිතවීමකදී රු.1,000,000 ක් දක්වා හිමිවන පුද්ගල හදිසි අනතුරු ආවරණයක්ද ඇතුළත් වේ.

SLT ස්ථාවර දුරකථන හිමි පාරිභෝගිකයන් සහ මොබිටෙල් පාරිභෝගිකයන් මෙම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබන අතර ඔවුන්ගේ මාසික බිල්පතේ වටිනාකම මෙන් පස් ගුණයක් වටිනා වාර්ෂික රක්ෂණාවරණයක් මේ තුළින් හිමි වේ. උදාහරණයක් ලෙස SLT පාරිභෝගිකයෙක් රු.5,000/- ක බිල් පතක් 2023 ජනවාරි මාසය තුළදී ගෙවනු ලබන්නේ නම් ඒ සඳහා රු.25,000/- ක ආවරණයක් හිමිවේ. එම පාරිභෝගිකයා තවත් රු.6,000 ක බිල්පතක් පෙබරවාරි මස තුළදී ගෙවනු ලබන්නේ නම් ඒ සඳහා රු.30,000 ක ආවරණයක් හිමිවේ. ඒ අනුව පෙබරවාරි මස අවසානය වන විට එම පාරිභෝගිකයා සඳහා එකතුවූ මුළු ආවරණය රු.55,000/-කි. මේ ආකාරයෙන් බිල්පත් ගෙවනු ලබන පිලිවෙල අනුව ආවරණයේ අගයද වැඩි වෙනු ඇත. ගෙවනු ලබන එක් එක් බිල්පත් සඳහා වර්ෂයක කාල සීමාවක ආවරණයක් ලබාදෙන අතර ආවරණයේ වටිනාකම රු.මිලියනයක් දක්වා වර්ධනය කරගත හැකියි. මෙම එක් එක් ආවරණය සඳහා ඉතාම සුළු රක්ෂණ වාරිකයක් පමණක් අයකරනු ලබන අතර එය කිසිදු ආර්ථික දුෂ්කරතාවයක් ඇති නොවන තරමේ සුළු මුදලකි. උදාහරණයක් ලෙස, වසරක් සඳහා වලංගු වන රු.25,000 ක ආවරණයක් සඳහා වැයවන රක්ෂණ වාරිකය රු.100/- ක් වැනි සුළු මුදලකි.

“සෙලින්කෝ- SLT-Mobitel අනන්තය” රක්ෂණ සැලසුම ගැන අදහස් දක්වන සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී (සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් ඇතුළත්වන සමාගම) හි සභාපති අජිත් ගුණවර්ධන මහතා, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් නව්‍ය රක්ෂණ සේවාවන් නිතර හඳුන්වා දෙමින් අපේ රටේ මහජනතාවට ඉහළම සේවාවක් ලබාදෙන්න කැපවෙලා ඉන්න රක්ෂණ සමාගමක්. මේ ක්ෂේත්‍රයේ අප සතු විශේෂඥ බව උපයෝගී කරගෙන ඉහළ වටිනාකමක් සහිතව අපි මෙම රක්ෂණ සැලසුම නිර්මාණ කළා. මෙම සැලසුම සමග සම්බන්ධව සිටින තෙක් SLT සහ මොබිටෙල් පාරිභෝගිකයන්ට මෙහි ප්‍රතිලාභ ලබාගන්න පුළුවන්. ඒවගේම, දැරිය හැකි මුදලකට බරපතල රෝග සඳහා සෞඛ්‍ය රක්ෂණාවරණයක අවශ්‍යතාවය ඇති ජනතාවට මෙය ලොකු සහනයක්. ඔවුන්ට මෙම බරපතළ රෝග ආවරණය සඳහා ගෙවිය යුතු වන්නේ ඉතා අවම රක්ෂණ වාරිකයක්. වේගයෙන් ඉහළ යන සෞඛ්‍ය වියදම් ගැන සලකාබැලීමේදී මෙම ප්‍රතිලාභය අපේ ජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතාවලට ලොකු සහනයක් ලබාදේවි. අපි ඉතාමත් සතුටට පත්වෙනවා SLT – Mobitel සමාගම එක්වෙලා “සෙලින්කෝ- SLT-Mobitel අනන්තය” දියත් කිරීමට හැකිවීම ගැන. ඒසේම මෙම රක්ෂණ සැලසුම තවත් විවිධ ක්ෂේත්‍ර සමග එක්වෙලා පුළුල් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා යනුවෙන් පැවසීය.

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම, “අනන්තය” රක්ෂණ සැලසුම් වෙනුවෙන් සිය පේටන්ට් අයිතියද ලබාගෙන ඇති අතර මෙරට සිටින ප්‍රධාන සමාගම් කිහිපයක්ම සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සමග එක්ව මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටී. මෙම සුවිශේෂ රක්ෂණ සැලසුම සිංගප්පූරුවේ පැවති ආසියානු රක්ෂණ සම්මාන උළෙලේදී “වසරේ හොඳම නව්‍යකරණය” ට හිමි සම්මානයද දිනාගනු ලැබුවා.

SLT සමාගමේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා මෙම සුවිශේෂ ප්‍රතිලාභය ගැන සිය අදහස් පළකරමින් “SLT-Mobitel සමාගම විදියට සියලු‍ දෙනාට දිනෙන් දින එළැඹෙන අවශ්‍යතා හඳුනාගනිමින් ජීවිතවලට වටිනාකමක් එක් කරමින් විසඳුම් ලබාදෙන්න කැපවෙලා ඉන්න අපි ඉතාම කැමැත්තෙන් සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමග අත්වැල් බැඳගත්තා. අපි ඉතාම සතුටට පත්වෙනවා ශ්‍රී ලංකාවේ ඉතාම ජනප්‍රිය රක්ෂණ සේවා සපයන්නෙකු වන සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම SLT Mobitel පාරිභෝගිකයින්ට ඔවුන්ගේ බරපතල රෝග සහ හදිසි අනතුරු අවරණය වන පරිදි පහසු සහ ශක්තිමත් රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම ගැන. ඒ ඔවුන් අපගේ වටිනා පාරිභෝගිකයන් සඳහා පහසුවෙන් දැරිය හැකි ඉහළ ප්‍රතිලාභ හිමිවන රක්ෂණවරණයක් ලබාදෙන්න ඉදිරිපත් වුණු නිසා. මේවගේ ආර්ථික දුෂ්කරතා ඇති කාලයක අපේ පාරිභෝගිකයන්ගේ රැකවරණයට මෙය සුවිශේෂ රක්ෂණ ප්‍රතිලාභයක්.

advertistmentadvertistment
advertistmentadvertistment