සෙලින්කෝ VIP රථවාහන රක්ෂණ හිමියන්ට බරපතළ රෝගාබාධ සඳහා රු.මිලියන 437ක අමතර ප‍්‍රතිලාභ

363

සෙලින්කෝ VIP ON THE SPOT පොරොන්දු වූ පරිදි ම බරපතළ රෝගාබාධ රැුසක් සඳහා රුපියල් මිලියන 437කට අධික දැවැන්ත මුදලක්, රථ වාහන රක්ෂණ හිමියන් සඳහා අමතර ප‍්‍රතිලාභ වශයෙන් ගෙවා ඇත. සෙලින්කෝ VIP ON THE SPOT වාහන රක්ෂණයක් හිමි සියලූම රක්ෂණ හිමියන් බරපතළ රෝගාබාධ සඳහා වන රුපියල් මිලියනයක සුවිශේෂී රෝහල් ආවරණයට නිරායාසයෙන් ම සුදුසුකම් ලබයි. ඔවුනට හෘද රෝග, පිළිකා, වකුගඩු අක‍්‍රියවීම, ආඝාතය සහ තවත් එවැනි බරපතළ රෝග (මහා පරිමාණ අවයව බද්ධය, නිදන්ගත පෙනහළු සහ ආමාශ රෝග, ශ‍්‍රවණාබාධ, අන්ධභාවය, බහුවිධ සිරෝසිස්, අංශභාගය ආදී) සඳහා සෞඛ්‍ය වියදම් මෙමඟින් හිමි වේ. මේ දක්වා ගෙවා ඇති රුපියල් මිලියන 437න් මිලියන 315ක් ම හදවත් රෝග සඳහා වන අතර, මීට අමතරව පිළිකා සහ වකුගඩු රෝග මෙන් ම අනෙකුත් බරපතළ රෝග සඳහා රුපියල් මිලියන 122ක් ගෙවා ඇත. මෙම ප‍්‍රතිලාභය ඕනෑම වාහන වර්ගයක් සදහා පූර්ණ වාහන රක්ෂණාවරණ හිමියන්ට මෙන් ම තර්ඞ් පාටි රක්ෂණහිමියන්ට ද හිමි වේ.

”මේ දිනවල පවතින අවිනිශ්චිතභාවය සැලකිල්ලට ගැනීමේ දී, පොරොන්දු ඉටුකරන සහ ඉහළ ප‍්‍රතිලාභ ලබාදෙන අවංක සබඳතාවයක් ගනුදෙනුකරුවන් විසින් අපේක්ෂා කරනවා. සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් අපි, අපගේ ගනුදෙනුකරුවන් හොඳින් තේරුම් ගෙන ඇති නිසා ම ඔවුන් ව තෘප්තිමත් කරන ඉහළ මට්ටමේ සේවාවක් ලබා දීම අත්‍යවශ්‍ය බව නිතර ම විශ්වාස කරනවා. සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් අපි, පෙර කිසිදා පාරිභෝගිකයන් නොලැබූ ප‍්‍රතිලාභ ඔවුනට ලබාදෙමින් අද්විතීය සහ අසමසම සේවාවක් දායාද කළා. සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සැමවිට ම අපේක්ෂා කරන්නේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා අවබෝධ කර ගනිමින් ඔවුන්ගේ මූල්‍යමය බර ලිහිල් කරන සහ ඔවුන්ගේ අරමුණු ඉටුවන පරිදි ප‍්‍රතිලාභ ලබා දීමට හැකි වන සේවාවක් ලබා දීමට යි.” යනුවෙන් සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් හි සභාපති/ ප‍්‍රධාන විධායක නිලධාරී පැටි‍්‍රක් අල්විස් මහතා පවසා සිටියේ ය.

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ උපාලි විතාරණ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්, ”අද ශ‍්‍රී ලංකාව තුළ පවතින මූල්‍ය පීඩනය සහ දැනට පවතින කොවිඞ්-19 වෛරසයේ තර්ජනය සැලකිල්ලට ගත්විට, වෛද්‍ය වියදම් දැරීමට සිදුවීම ගනුදෙනුකරුවන්ගේ මහත් කනස්සල්ලට හේතු වන බව රහසක් නොවෙයි. Ceylinco VIP වාහන රක්ෂණ වෙළඳපොළේ ඉදිරියෙන් ම සිටින නිසා, බොහෝ ශ‍්‍රී ලාංකික වාහන භාවිතා කරන්නන්ට ඔවුන් දැනටමත් භුක්ති විඳින අනෙකුත් ප‍්‍රතිලාභවලට අමතරව මෙම වටිනා සෞඛ්‍ය රක්ෂණාවරණය ද හිමි වී තිබෙනවා. නිෂ්පාදකයාගේ දෝෂවලට තම වාහනය සඳහා වසර 10ක වගකීමක් ලැබෙන අතර, එය නිෂ්පාදිත වර්ෂයේ සිට පළමු වසර 10 සඳහා වලංගු වීම, අලූත්ම හෝ ලියාපදිංචි නොකළ වාහනයක් පළමු ලියාපදිංචියෙන් වසර දෙකක් ඇතුළත කන්ඩෙම් වුවහොත් එහි වෙළඳපොළ මිල වර්තමාන රක්ෂණ මුදලට වඩා වැඩි නම්, වන්දි මුදල සමග අමතර 25% ක මුදලක් නොමිලේ ලබා දීම, රුපියල් මිලියන 4 ක හදිසි රෝහල්ගත කිරීමේ රක්ෂණ ආවරණයක්, හදිසි අනතුරුවල දී අලූත්වැඩියාව දින හතරක් ඉක්මවන අවස්ථාවක දී තම වාහනයට සමාන වාහනයක් ලබා දීම, මහ මග දී හදිසි සහය, එක් මගියකු සඳහා රු. 200,000/-ක් දක්වා පුද්ගල අනතුරු ආවරණය, සෑම වසරකම වාහනයේ රක්ෂිත වටිනාකම 10% කින් වැඩි වීම, අලූත්වැඩියාව දින 30 ඉක්මවන අවස්ථාවකදී මාස දෙකක් දක්වා ලීසිං වාරික ගෙවීම යනාදී ප‍්‍රතිලාභ අපගේ සෙලින්කෝ VIP ON THE SPOT රක්ෂණ හිමියන්ට පමණක් ම හිමි වන අනෙකුත් සුවිශේෂී ප‍්‍රතිලාභ යි.” යනුවෙන් කියා සිටියේ ය.

advertistmentadvertistment
advertistmentadvertistment