සෙලින්කෝ VIP හදිසි අනතුරු සෞඛ්‍ය රක්ෂණාවරණ ප්‍රතිලාභය රු.මි. 10 ක් දක්වා ඉහළට

65
අජිත් ගුණවර්ධන මහතා, විධායක සභාපති/ප්‍රධාන විධායක නිලධාරී, සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී (වමේ) පැට්ටි්‍රක් අල්විස් මහතා, විධායක සභාපති/ප්‍රධාන විධායක නිලධාරී, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් (දකුණේ)

සෙලින්කෝ VIP ON THE SPOT රථ වාහන රක්ෂණ ඔප්පු හිමියන්ට පිරිනමන හදිසි අනතුරු සෞඛ්‍ය රක්ෂණාවරණ ප්‍රතිලාභය රු. මිලියන 10 ක් දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම නිවේදන කරයි.

මෙම හදිසි රෝහල්ගත වීමේ රක්ෂණාවරණය සෙලින්කෝ VIP ON THE SPOT පාරිභෝගිකයන්ට කිසිදු අමතර ගාස්තුවක් අයකිරීමකින් තොරව නොමිලේ හිමි වේ.

මෙම ආවරණයට ශ්‍රී ලංකාව තුළ සිදුවන මාර්ග අනතුරු සඳහා රු. මිලියන 2 ක රෝහල් ගාස්තු හිමිවන අතර අවශ්‍ය නම් වෛද්‍ය උපදේශ මත විදෙස් ප්‍රතිකාර සඳහාද යොමු විය හැක. මීට අමතරව, අදාළ රක්ෂණ ඔප්පු හිමියා විදෙස් සංචාරයක නිරතවන අවස්ථාවකදී හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් ඔහුට හෝ ඇයට රු. මිලියන 2 ක් දක්වා රෝහල් ගාස්තු ආවරණයක්ද හිමිවේ. එමෙන්ම විදෙස් සංචාරවලදී සිදුවන හදිසි මාර්ග අනතුරු සඳහාද රු. මිලියන 4 ක රෝහල් ගාස්තු ආවරණයක් උපරිමය දින 15ක් දක්වා හිමි වේ.

විදෙස් සංචාරවල යෙදෙන්නන් රු. මිලියන 2 ක පුද්ගල හදිසි අනතුරු රක්ෂණයකට හිමිකම් ලබන අතර ඊට විදේශයකදී සිදුවන හදිසි මරණ සහ පූර්ණ සදාකාලික ආබාධිත තත්ත්වයන් ආවරණය වෙයි. එසේම සදාකාලික අර්ධ ආබාධිත තත්ත්වයන් සඳහා රු. 1,000,000/- ක ආවරණයක් හිමි වේ. මෙම ප්‍රතිලාභ සියළුම කාර්, වෑන්, ජීප්, ඩබල් කැබ්, බස්, ලොරි සහ ත්‍රී රෝද රථ සඳහා සෙලින්කෝ VIP ON THE SPOT පූර්ණ රක්ෂණයක් ලබාගෙන ඇති ඔප්පු හිමියන් සඳහා හිමි වේ. මේ හා සමානවම යතුරු පැදි සඳහා පූර්ණ රක්ෂණාවරණයක් ලබාගෙන ඇති ඔප්පු හිමියන්ද ශ්‍රී ලංකාව තුළ සිදුවන හදිසි මාර්ග අනතුරු සඳහා රු.500,000/- ක රෝහල් ගාස්තු ආවරණයකට සුදුසුකම් ලබනු ඇත. තෙවන පාර්ශව රක්ෂණ ඔප්පු හිමියන් සඳහා ද මෙම ප්‍රතිලාභය හිමිවන අතර එහිදී ශ්‍රී ලංකාව තුළ සිදු වන හදිසි මාර්ග අනතුරුවලදී රථ වාහන රක්ෂණ හිමියන්ට රු.300,000/- ක සහ යතුරු පැදි රක්ෂණ හිමියන්ට රු.200,000/- ක රෝහල් ගාස්තු හිමිවනු ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම අලු‍ත් ආවරණය නව රක්ෂණ ඔප්පු සඳහා වලංගු වන අතර දැනට පවතින රක්ෂණ ඔප්පු සඳහා ඊළඟ ඔප්පු අලු‍ත් කිරීමේ සිට වලංගු වනු ඇත. තනි පුද්ගල පාරිභෝගිකයෙක් නම් අදාළ රක්ෂණහිමියා මෙම සුවිශේෂ ප්‍රතිලාභයට හිමිකම් ලබන අතර ආයතනික හෝ වාහන සමූහ පාරිභෝගිකයෙක් නම් එක් පුද්ගලයෙක් (භාවිතා කරන්නා/රියදුරා) හිමිකම් ලබන්නා ලෙස නම් කළ යුතුය.

“මේ ප්‍රතිලාභය නිසා අපේ පාරිභෝගිකයන්ට ලොකු සහනයක් ලැබෙන බව නම් කිසිම සැකයක් නෑ. මීට අමතරව, ඔවුන්ට තවත් ප්‍රතිලාභ රැසක් අපි ලබාදෙනවා. පිළිකා, හෘදයාබාධ, වකුගඩු බද්ධ කිරීම් වගේ තවත් බරපතළ රෝග 21 කට රු. මිලියනයක් දක්වා රෝහල් ගාස්තු ගෙවනවා. නවතම හෝ ලියාපදිංචි නොකළ වාහනයක් ලියාපදිංචියෙන් අවුරුදු 2 ක් ඇතුළත අනතුරකින් කන්ඩෙම් වුණොත් (වර්තමාන රක්ෂණ වටිනාකමට වඩා වෙළඳ පොළ වටිනාකම වැඩි වුවත්) වන්දි මුදලින් 25%ක් වන්දියට අමතරව ලබාදෙනවා.

ඒවගේම හදිසි අනතුරක් සිදුවෙලා වාහනේ අලු‍ත් වැඩියා කරන්න දින 4 කට වඩා ගතවෙනවා නම් වාහනයට සමාන වාහනයක් ලබාදෙනවා. මහා මාර්ගවල සිදුවන හදිසි ආපදා සඳහාත් අපි සහය වෙනවා. ඒ නිසා අපේ රටේ ජනතාව වර්තමානයේ මුහුණදෙන දුෂ්කරතාවයන් වලට අපි ලබාදෙන මේ සුවිශේෂ ප්‍රතිලාභ ලොකු අස්වැසිල්ලක් වන බව අපිට විශ්වාසයි” යනුවෙන් මේ පිළිබඳ අදහස් දක්වමින් සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී පැට්ට්‍රික් අල්විස් මහතා පැවසීය.

සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණවර්ධන මහතා අදහස් දක්වමින් “සමාගමක් විදියට වෙනස්වෙන පාරිභෝගික අවශ්‍යතා ගැන අපි සංවේදීයි. අපිට දැනුනා මේ වෙලාවෙ අපේ පාරිභෝගිකයො මුහුණ දීලා ඉන්න මූල්‍ය දුෂ්කරතාවලට සහනයක් වෙන්න මේ වගේ ප්‍රතිලාභ ලබාදෙන්න අවශ්‍ය බව. ප්‍රතිකාර සඳහා වැයවන ගාස්තු වැඩි වීමත් එක්ක සෙලින්කෝ VIP ලබාදෙන මේ ප්‍රතිලාභය අපේ පාරිභෝගිකයන්ට ලොකු සහනයක් බව කිසිම සැකයක් නෑ. සන්නාමයක් විදියට සෙලින්කෝ VIP හැමවිටම පාරිභෝගිකයන් බලාපොරොත්තු වන දේටත් වඩා වැඩි දෙයක් ලබාදෙමින් අලු‍ත් දේවල් හඳුන්වදෙනවා. පාරිභෝගික තෘප්තිය තමයි අපිට ගොඩක්ම වැදගත්. ඒ දේ තමයි අපිව ඉස්සරහට අරන් යන්නේ. අපි රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානයේ රැf​ඳන්නෙ ඒ නිසා.” යනුවෙන් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment