සේනාධි ගුරුගේ රිමාන්ඩ් ලහිරු වීරසේකරට ඇප

167

ගාලුමුවදොර පිටියේදී රාජකාරියේ නිරතව සිටි බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජන අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන සේනාධි ගුරුගේ නමැත්තා ලබන 2 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (25 දා) නියෝග කළේය.

එමෙන්ම සැකකරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා මුහුණු ආවරණය කර ලබන 2 දා ඉදිරිපත් කරන ලෙසද නියෝග කෙරිණි. මේ අනුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබියදී නීතිඥවරයකු මාර්ගයෙන් අධිකරණයට භාරවූ අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ලහිරු වීරසේකර පෙර ඇප මත මුදාහැර වරෙන්තුව ආපසු කැඳවීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (25 දා) නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment