සේනා දළඹුවා මඩින්න පරපෝෂිතයෙක්

277


සේනා දළඹුවා මර්දනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනට වසර තුනක් තිස්සේ කළ පර්යේෂණ අනුව පරපෝෂිතයෙක් හදුනාගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ තාක්ෂණික අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා පවසයි.

සේනා දළඹු හානිය දිටු විගස රසායනික ද්‍රව්‍ය මර්දනය සඳහා නොයොදන ලෙසත් එමගින් තාවකාලිකව හානිය අවම වුවත් ස්වාභාවික විලෝපිතයන් මරණයට පත්වීම නිසා සේනා දළඹුවා කිහිප ගුණයකින් වර්ධනය වීම නිසා බඩඉරිඟු වගාවට හානි කරවිය හැකි බවත් ඒ මහතා සඳහන් කරයි.

මෙම පරපෝෂිතයා සේනා දළඹුවාගේ ව්‍යාප්තියට සමගාමීව වර්ධනය විය යුතු බවත් තවදුරටත් ඒ සම්බන්ධව පර්යේෂණ පවත්වන බවත් අනුර විජේතුංග මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment