සේනා බිහිවන්නේ ආනයනික දෙමුහුන් බඩඉරිගු බීජ මගින් – තිරප්පනේ ගොවියෝ කියති

137

බඩඉරිඟු වගාවන් තුළ සෑම කන්නයකම පාහේ සීග්‍රයෙන් ව්‍යාප්ත වන සේනා දළඹුවා බිහිවන්නේ ආනයනික දෙමුහුන් බඩඉරිඟු බීජ මගින් යැයි දේශීය හා විදේශීය බීජ සිටුවීමෙන් අනාවරණය වූ බව තිරප්පනේ ගොවියෙකු පවසයි. තිරප්පනේ කණුමුල්ලේගම එස්. එම්. කේ. බණ්ඩාර මහතා ඒ පිළිබඳව මෙසේ විස්තර කළහ.

සේනා බිහිවන්නේ ආනයනික දෙමුහුන් බඩඉරිගු බීජ මගින් - තිරප්පනේ ගොවියෝ කියති

“මම සාමාන්‍යයෙන් සෑම කන්නයකම විදේශීය හයිබි්‍රඩ් බඩඉරිඟු බීජ තබා වගා කරන්නේ. නමුත් මේ මහ කන්නයේ බඩඉරිඟු බීජ වගා භූමි දෙකක මම වගා කළා. එක හේනක මම දැම්මේ විදේශීය දෙමුහුන් බඩඉරිඟු බඩඉරිඟු බීජ. අනෙක් හේනේ මම හිටෙව්වේ දේශීය බඩඉරිඟු බීජ. වගා දෙකේ පරතරය සතියයි.

දැන් මේ වෙනකොට විදේශීය දෙමුහුන් බඩඉරිඟු බීජ හිටවපු හේනේ බඩඉරිඟු ගස් සම්පූර්ණයෙන් ම සේනා දළඹුවා කාලා. හැම ගසකම දළඹුවා ඉන්නවා. කෘමිනාශක කොච්චර ගැහුවත් විනාශ වෙන්නේ නෑ. ඉස්සර වගේ නෙමේ යායට තෙල් ගැහුවට වැඩක් නෑ. දැන් ගහෙන් ගහට හොඳට බල බල තෙල් ගහන්න ඕනේ. නැත්නම් සේනා දළඹුවා මැරෙන්නේ නෑ. ව්‍යාප්තිය නැති කරන්න නම් සේනා වගාවේ සමූල ඝාතනය කරන්න ඕනේ. මේ සඳහා ලොකු වියදමක් වගේ ම ලොකු කාලයක් යනවා. මේ මහා පරිමාණයෙන් වගා කරන ගොවීන්ට කරදරයි. අනික කිලෝ 01 බීජ පැකට් එකක් රු 17000/= යි. සේනා මර්දන තෙල් බෝතලයක් රු. 5000/= ක් වෙනවා. මේ නිසා වියදම සැරයි.

වෙනත් කන්නවලදී නම් අස්වනු නෙළන්න ළං වෙද්දී තමා සේනා උවදුර ආවේ. නමුත් මේ කන්නයේ පැළ මට්ටමේ ඉඳලා ඉන්නවා.

මම අත්හදා බලන්න මහඉලුප්පල්ලමේ නිෂ්පාදිත දේශීය බඩඉරිඟු බීජ ටිකක් අරගෙන වෙනම ම හේනක වගා කළා. ඒ හේනේ බඩඉරිඟු ටික හොඳට තියෙනවා. එක ම දළඹුවෙක්වත් නෑ. ගස් ටිකක් හොඳට හැදිලා තියෙනවා. බීජ කිලෝවක් ගත්තේ රු 480/= කට. වගා දෙකට හිටවපු පරතරය සතියයි. පොහොර ටිකක් දාලා හොඳට නඩත්තු කළා නම් හොඳ අස්වැන්නක් ගත හැකියි. කෘෂිකර්මාන්තය නගාසිටුවීම සඳහා ඉන්න නිලධාරීන් මේ ගැන සොයා බලා ගොවීන්ට සහනයක් ලබා දෙනවා නම් හොඳයි. අධික මුදල් දීලා හයිබි්‍රඩ් බීජ ගන්නේ නැතිව දේශීය බඩඉරිඟු බීජ ගොවීන් අතරේ ප්‍රවර්ධනය කිරීම සඳහා කඩිනම් පියවරක් ගත යුතු යැයි කීය.
තිරප්පනේ – සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment