සේන වීරසේකර සිහිල් සුළං රැල්ලේ ස්වර්ජනා

317

මෙරට සංගීත ක්‍ෂේත්‍රයෙහි විශිෂ්ට මෙහෙවරක නියැළි සිට අභාවප්‍රාප්ත වූ සේන ජයන්ත වීරසේකරගේ නිර්මාණ පිළිබඳ අගයමින් හා එම නිර්මාණ යළි ආවර්ජනා කරන්නට ඉඩ සලස්වමින් කරනු ලබන ගීතමය සැන්දෑවක් මෙම දෙසැම්බර් මස 15 වැනි දින සවස 3.00 ට කොළඹ 7 ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය මධ්‍යස්ථානයේදී පැවැත්වෙනු ඇත.

එය සේන වීරසේකර සිහිල් සුළං රැල්ලේ ස්වර්ජනා නමින් නම් කොට ඇත. සේන වීරසේකර නිර්මාණ කර්තව්‍ය පිළිබඳ මහාචාර්ය සුනිල් ආරියරත්න, කපිල කුමාර කාලිංග හා විශාරද අමරසිරි පීරිස් විසින් දෙසුම් පැවැත්වීමට නියමිතය. එමෙන්ම සේනගේ පුත් තනුර වීරසේකර විසින් රචනා කරන ලද අපේ තාත්තා සේන වීරසේකර නම් ග්‍රන්ථය ද එදින එළිදැක්වෙනු ඇත. එමෙන්ම සේන වීරසේකර විසින් රචනා කරන ලද හා සංගීතය මෙහෙයවන ලද ගී රැසක්

එදින ගයනු ලබනුයේ අමරසිරි පීරිස්, ප්‍රදීපා ධර්මදාස, රත්නා ලාලනී, පුන්සිරි සොයිසා, මිත්‍ර කපුගේ, රොඩ්නි වර්ණකුල ආදීන් විසිනි. සංගීතය රාජ්‍ය සංගීත කණ්ඩායම විසින් මෙහෙයවනු ලබයි. සේන කලක් එහි උපදේශක ලෙස ද කටයුතු කළේය. ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි විසින් උළෙල මෙහෙයවනු ඇත. සේන විසින් සිහිල් සුළං රැල්ලේ ගීතය රචනා කරන ලද සමයේ රචනා කරන ලද කිසිදු දිනෙක මෙයට පෙර නොගැයූ ගීත පදමාලාවන් එදින විශාරද අමරසිරි පීරිස් විසින් ගායනා කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment