සේපාල් අමරසිංහ ප්‍රසිද්ධියේ සමාව ගන්නේ නම් සමථයකට සූදානම්

297

නීතිපතිගෙන් දැනුම් දීමක්

යූටියුබ් නාලිකාවක් ඔස්සේ ශ්‍රී දළදා වහන්සේට හා බොදු දහමට අපහාස වන පරිදි ප්‍රකාශයක් සිදුකළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන සේපාල් අමරසිංහ නමැත්තා මින්මතු එවැනි ආගමික හෝ ජනවාර්ගික කොටස් අතර හැඟීම්වලට බලපාන්නාවූ සංවේදී කරුණු ගැන ප්‍රකාශ සිදු නොකරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරන්නේ නම් එම නඩු කටයුත්ත අවසන් කර ගැනීම සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදු කිරීමට පැමිණිල්ල සූදානම් බව නීතිපතිවරයා ඊයේ

(14 දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට දැනුම් දුන්නේය.

එම කොන්දේසියට පමණක් නොව ඔහු සිදු කළ එම අපහාසයට මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් මන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගෙන් ද දැඩිව සමාව අයැද සිටීමේ කොන්දේසියට ද යටත්ව ඔහුට එරෙහිව පවතින නඩු කටයුත්ත අවසන් කර ගැනිම සම්බන්ධයෙන් තිරණයක් ගත හැකි බවත් පැමිණිල්ල හා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ එම කරුණු දැක්වීම හා එකී කොන්දේසිවලට එකඟ බව පෙන්වා දෙමින් සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සැකකරු සම්බන්ධයෙන් පැමිණිලි කළ බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස්වරයාට ලබන 21 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දක්වා සිතාසි නිකුත් කිරීමට නියෝග කළේය. සැකකාර සේපාල් අමරසිංහ, එදින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment