සේරුපිටියේ ගොවීන්ට ලැබුණු දියර පොහොර කෑන් වැඩි ප‍්‍රමාණයක් පිපිරිලාලූ!

105

සේරුපිටිය ගොවි සංවිධානයේ හිටපු සභාපති වත්මන් දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී ඒ.ජී. ජයතිස්ස මහතාට වී වගාව සඳහා ලබා දුන් දියර පොහොර කෑන් කිහිපයක් පසුගිය දිනවල පිපිරී ගිය බව පැවසීය.

සේරුපිටිය ගම්මානයේ ගොවීන්ට ලැබුණු දියර පොහොර කෑන් වැඩි ප‍්‍රමාණයක් පිපිරී ගිය බවත් තවත් ප‍්‍රමාණයක් ඉදිමී පිපිරීමට ආසන්න බව ගොවීහු පවසති. යුරියා වෙනුවට වී වගාව සඳහා යෙදීමට නිර්දේශකර ඇති මෙම දියර පොහොර මාතලේ ප‍්‍ර දේශයේ නිෂ්පාදනයකි. ලීටර් 16 ධාරිතාවයකින් යුතු තෙල් ඉසින ටැංකියකට මෙම පොහොර මිලි ලීටර් 100 ක් යෙදීමට නිර්දේශ කර ඇති බවත් ඔවුහු කියා සිටිති. කුඹුරු හෙක්ටයාර් එකක් සඳහා එවැනි ලීටර් 16 ක ටැංකි 100 යෙදිය යුතු බව ගොවීහු පවසති.

දිඹුලාගල – ප‍්‍රසන්න සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment