සේරුවිල ඊච්චලම්පත්තු ගණ දෙවි කෝවිලේ නිධන් හෑරූ හයක් දැලේ

90

සේරුවිල පොලිස් වසමට අයත් ඊච්චලම්පත්තු ප‍්‍රදේශයේ පූණගර් ගණ දෙවි කෝවිල් පරිශ‍්‍රයේ නිධන් හාරමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු නිදන්හෑරීමට උපයෝගි කර ගන්නා උපකරණද සමගින් 18දා අත්අඩංගුවට ගැනීමට සූරියපුර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීහු සමත් වූහ’

ස්කෑනර් යන්ත‍්‍රයක් හා නිධන් හෑරීමේ උපකරණද සමගින් අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 44” 55 ත් අතර වයසේ පසුවන්නන්ය’ ඔවුහු පන්නිපිටිය” මාලඹේ” දැරණියගල හා මීගස්වැව යන විවිධ ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති’

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ නියෝග මත සූරියපුර විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරි ඊබ‍්‍රහීම් මහතා ඇතුළු නිලධාරින් පිරිසක් මෙම වැටලීම සිදුකොට තිබිණි‘

කන්තලේ – ඩබ්.එම්. වික‍්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment