සේරුවිල රජමහා විහාරාධිපති ධුරය කොටපොළ හිමිට

282

සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති තනතුර කොටපොළ අමරකිත්ති හිමියන්ට බව කොළඹ දිසා අධිකරණය තහවුරු කර ඇත.

එම විහාරයේ විහාරාධිපති ධුරය සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණයේ නඩු දෙකක් විභාග වූ අතර එහිදී කොළඹ දිසා විනිසුරුවරිය විසින් අළුදෙණියේ සුබෝධි හිමියන් එම විහාරස්ථානයේ විහාරාධිපති ලෙස පෙනීසිටීම සඳහා කරන ලද ඉල්ලීම ප්‍රතික්ක්ෂේප කරමින් ඒ සම්බන්ධව වූ අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන ලදි.

ඒ අනුව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ කල්‍යාණවංශ පාර්ශවයේ මහනායක හිමියන් ඇතුළු විධායක සභාව විසින් එම විහාරයේ විහාරාධිපති ලෙස කොටපොළ අමරකිත්ති හිමියන් පත්කිරිම සම්බන්ධව වූ තීරණයට එරෙහිව වූ වාරණ නියෝගය ද විසුරුවා හැර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment